අන්තර් ජාලයෙන් දෙස් විදෙස් වෙළඳ පොළ පුළුල් වීම

2017-09-29 14:48:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ෂහෝ කියන්නේ චීනයේ සාම්ප්‍රදායික වසන්ත උත්සවය සැමරීමේ විනෝද ක්‍රියාකාරකම් වර්ගයක්.සාම්ප්‍රදායික නැටුම්, මකර නැටුම්, සිංහ නැටුම් ඇතුළු විවිධාකාර නර්තන ඊට අයත් වෙනවා. ඊට අදාළ නර්තන පහසුකම් ද විශේෂයි. චීන භාෂාවෙන් ෂහෝ පහසුකම් ලෙසට එය හඳුන්වනවා. චීනයේ හනාන් පළාතේ හුවෝ චුවාං ගම්මානය මෙවැනි විශේෂ පහසුකම් නිෂ්පාදනය කරන ගම්මානයක්. මෙම ගම්මානය මෙවැනි පහසුකම් නිෂ්පාදනය කර ඇති ඉතිහාසය වසර සියයකට වැඩියි. එහෙත් කුඩා නිෂ්පාදනයක් නිසා වෙළඳ පොළ සොයා ගැනීමේ අසීරුතාව එම ගම්මානය මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් වුණා. මෑත වසර කිහිපය තුළ, අන්තර්ජාල සේවය පුළුල් වීම හේතුවෙන් හුවෝ චුවාං ගම්මානය ටෝබෝ ගම්මානයක් ලෙසට ප්‍රසිද්ධ වී තිබෙනවා.

ටෝබෝ කියන්නේ චීනයේ විශාලතම අන්තර්ජාල සිල්ලර ගනුදෙනු කරන වෙබ් අඩවියක්. මෙම වේදිකාව හරහා හුවෝ චුවාං ගම්මානයේ ෂහෝ පහසුකම් චීනය පුරා පමණක් නොව ආසියාව හා යුරෝපය ඇතුළු රටවල් වලට ‍අලෙවි කිරීමට හැකිවුණා. එම ගම්මානයේ වැසියෙකු වන යෝ හුං යූ මහත්මිය මෙසේ පැවසුවා.

“2012 වසරේ අපේ නිෂ්පාදන අපි අන්තර්ජාලය හරහා අලෙවි කරන්න පටන් ගත්තා.‍ ඉන් අපට විශාල වෙනස්කම් සිදු වුණා.කළින් අපි කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරමින් හිටියා. දැන් අපි විශාල ප්‍රමාණයෙන් නිපදවනවා. අපේ ආදායම කළින්ට වඩා දෙගුණයකින් වැඩි වුණා. කළින් අපට වෙළඳ පොළ හොයන්න හරි අමාරුයි. දැන් විදේශ රටවලට විකුණනත් පුළුවන්.”

අන්තර් ජාලයෙන් ලැබෙන නිර්මාණශීලිත්වය පාලමක් වශයෙන් සාම්ප්‍රදායික කර්මාන්ත හා විද්‍යුත් වෙළඳාම සම්බන්ධ කර ගත්තා. එය චීනයේ දිළිඳුකම මුදවා ගැනීමේ අලුත් ක්‍රමයක් බවට පත් වුණා. 

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති