මානව භාෂාවක් බවට පත්ව ඇති චීන සංස්කෘතිය අද ලොව පුරා ඉතා ජනප්‍රියයි.

2017-09-29 14:46:13
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන සංස්කෘතිය මේ වන විට ලොව පුරා ම ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. චීනයේ නව වසර සැමරුම් උත්සවය, කොන්ෆියුයස් මධ්‍යස්ථානය, චීන ග්‍රන්ථ, ටෙලි නාට්‍ය, චීනයට ආවේනික වෛද්‍ය ක්‍රම ඇතුළු චීනයේ සුවිශේෂ ලක්ෂණයන්ගෙන් යුත් විවිධ දේවල් මේ වන විට බොහෝමයක් රටවල ජනප්‍රිය වී තිබෙනවා.

මෑත වසර කිහිපය තුළ, චීන භාෂාව හැදෑරීමට විවිධ රටවල ඇත්තේ විශේෂ උනන්දුවක්. 2016 වසරේ අවසානය වන විට, ගෝලීය වශයෙන් කොන්ෆියුසියස් ආයතන 512 ක් හා කොන්ෆියුසියස් මධ්‍යස්ථාන 1073 ක් රටවල් 140කදී පමණ ස්ථාපනය කර තිබෙනවා. සී.ආර්.අයි කොන්ෆියුසියස් මධ්‍යස්ථානය ඒ අතර වනවා. මෙවැනි ආයතන චීන භාෂාවට ඇල්මක් දක්වන විශාල පිරිසක් ආකර්ෂණය කර ගෙන තිබෙනවා. “චීන පාලම” නැමැති චීන භාෂා ප්‍රවීණතා තරඟාවලිය මෑත වසරවලදී උණුසුම් ලෙස පැවැත්වුණා. 2011 වසරේ සිට මේ තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ආරම්භ වුණා. චීන භාෂාව හා චීන සංස්කෘතිය කෙරෙහි මනා අවබෝධයක් තිබෙන තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන් කැපී පෙනෙනවා. මේ තරුණ පිරිස චීන භාෂාව හැදෑරීම ඉලක්ක කර ගැනීම පමණක් නොවෙයි, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල වෙනුවෙන් දායක වෙන්න කැමති බවට ද විශ්වාස කෙරෙනවා.

එමෙන්ම මේ වසර කීපයක් තුළ, බ්‍රිතාන්‍යයේ වෙළඳපොළට පිවිස ඇති චීන පොත්පත්වල සංඛ්‍යාව ද වැඩිවී තිබෙනවා. චීන ටෙලි නාට්‍ය අප්‍රිකාවේ  ද විසුරුවා හරිනු ලබනවා. චීන නව වසර සැමරුම් උත්සවය බොහෝ රටවලදී පැවැත්වෙනවා. ඒ කාලය තුළදී ඒ ඒ රටවල සංකේතයක් වශයෙන් හැඳුන්වා දෙන්න පුළුවන් විවිධ ගෘහ නිර්මාණ චීන වසන්ත උත්සවයට සම්බන්ධ සුවිශේෂ සැරසිලිවලින් සකස් කර තිබුණා. විශේෂ වැඩසටහන් රැසක් ද ඒ සඳහා විවිධ රටවල සංවිධාන ‍කර තිබුණා.

කෙසේ හෝ, චීනය මේ වන විට ලෝකයේ වැඩි අවධානයක් යොමුවී ඇති රටක්. මේ සමඟම චීන සංස්කෘතිය ද බොහෝ අයගේ අවධානයට ලක්වී තිබෙනවා. මෙය චීනය හා අනෙකුත් රටවල් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ඉවහල් වන බවට විශ්වාස කෙරෙනවා.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති