චීනය නොමිළයේ ලබාදෙන පොදු සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තිය තවදුරටත් පුළුල් කෙරේ

2017-09-29 14:45:02
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මහජනතාවට නොමිළයේ ලබා දෙන පොදු සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් චීනය කැපවීමෙන් ක්‍රියා කරන රටක්. මේ සඳහා ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙලක් 2009 වසරේ සිට ක්‍රියාත්මක වනවා. එහිදී විශේෂිත සේවාවන් 9ක් ඊට ඇතුළත් කර තිබුණා. මේ වනවිට එම විශේෂිත සේවාවන් 12ක් දක්වා වැඩිවී තිබෙනවා. දරුවන්ට, ගැබිණි කාන්තාවන්ට, වයෝවෘද්ධ පුද්‍ගලයන්ට, නිදන්ගත රෝගීන්ට හා අධික අවදානම් සහිත රෝගීන්ට මේ වැඩපිළිවෙලේ ප්‍රතිලාභ හිමිවනවා.

දරුවන්ට එන්නත් කිරීම, ගැබිණි කාන්තාවන්ට උපදෙස් ලබාදීම ඇතුළු මූලික සේවාවන් බොහෝ කලකට පෙර ආරම්භවී තිබෙනවා. මීට අමතරව, වයස අවුරුදු 65 කට වැඩි පුද්ගලයන්ගේ ලේ පරීක්ෂාව, මුත්‍රා පරීක්ෂාව, නිරා ආහාරව සිට රුධිරයේ අධික සීනි පරීක්ෂාව, ක්ලෙස්ට්‍රෝල් පරීක්ෂාව ඇතුළු විවිධ පරීක්ෂා එමඟින් සිදුකළ හැකියි. අධිරුධිර පීඩනය, දියවැඩියාව යනාදී රෝගීන්ට උපදෙස් දීමත් මේ අතර සිදුකෙරෙනවා.

මේ අතර, පොදු සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් චීන රජය වෙන් කරන මුදල් වැඩි කර තිබෙනවා. 2009 වසරේ, මේ වැඩපිළිවෙල ආරම්භ වනවිට, සෑම චීන ජාතිකයකුටම වෙන් කළ දීමනාව චීන යුආන් 15යි. මේ වසරේ, එය යුආන් 50ක් දක්වා වැඩිකර තිබෙනවා.    

මෙම පොදු සෞඛ්‍ය සේවා වැඩපිළිවෙලේ මීළඟ කාර්යය වන්නේ සාමාන්‍ය වැසියන්ට වඩාත් වැඩි වෛද්‍ය පහසුකම් ලබාදීමයි. ඒ වගේම, වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමත් ඒ අතර වැදගත් කාර්යයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. සෑම චීන ජාතිකයෙකුටම මූලික පොදු සෞඛ්‍ය සේවාවන් සලසාදීම චීනයේ වෛද්‍ය ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක්. මේ සඳහා, අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ නව සේවාවන් ජනතාවට සැපයීමටත් පෙළඹී තිබෙනවා. මෙවැනි පියවර මඟින් ජනතාවට වඩාත් හොද සෞඛ්‍ය සේවාවක් සැපයීමයි අපේක්ෂාව වන්නේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති