නුල්ඩ්ස් කර්මාන්තයෙන් දිළිඳුකම තුරන් කළ චීනයේ Hua Long කෝරළය

2017-09-29 14:42:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ බටහිර ප්‍රදේශයේ Hua Long නමින් කෝරළයක් පිහිටා තිබෙනවා. එහි භූගෝලීය හා කාලගුණික තත්වය නිසා, දීර්ඝ කාලයක් පුරා, ගොවිතැන් කටයුතු සිදුකීරිම අපහසු වුණා. ඒ නිසා මෙය පසුගිය කාලයේ දරිද්‍රතාවෙන් පෙළුණු කෝරළයක් ලෙස හැඳින්වුණා. නමුත්, පසුගිය සියවසේ අසූ ගණන්වල සිට රජය විශේෂ ව්‍යාපෘති රැසක් මෙහි ක්‍රියාත්මක කළා. ඒ   සමඟින්, Hua Long කෝරළයේ ජනතාව ඉතා කැපවීමෙන් යුතුව කටයුතු කළා. ‍මේ වනවිට එහි දිළිඳුකම තුරන් වෙළා.

1988 වසරේදී මෙම කෝරළයේ ගොවි මහතෙක් චීනයේ දකුණු ප්‍රදේශයේ නගරයකට ගොස් හලාල් නුල්ඩ්ස් අවන් හලක් විවෘත කළා. ඉතාම කැපවීමෙන් වැඩ කළ නිසා සෙමෙන් සෙමෙන් සතුටුදායික ලෙස ඔහු ජීවිතය ගත කළා. තමන්ගේ නුල්ඩ්ස් ව්‍යාපාරයේ කතාව උපන් ගමේ ප්‍රසිද්ධ වුණා. ඉන් පසු, ඒ කෝරළයේ බොහෝ පිරිස් තම උපන් ගම අතහැර දකුණු ප්‍රදේශයේ නුල්ඩ්ස් අවන්හල් ආරම්භ කිරීමට පටන් ගත්තා.

මේ වන විට Hua Long කෝරළ‍යේ නව ව්‍යාපෘතියක් ආරම්භකර තිබෙනවා. ඒ පුහුණුව ලබා දීමේ සේවාවයි. දිළිඳුකමට ලක් වූ වැසියන්ට නුල්ඩ්ස් අවන් හල්වල වැටුප් සහිතව සේවය කිරීමේ අවස්ථාවක් මේ අනුව, සළසා දුන්නා. මේ සමඟ එක් අවුරුද්දක් ඇතුළත නුල්ඩ්ස් සකස්කරන ක්‍රමය පිළිබද මේ පිරිස් අවබෝධ කර ගත්තා. මීළඟ අවුරුද්දේ පුහුණුව ලැබුවන් පරීක්ෂණයෙන් සමත් වුවහොත් ඔවුන් අතරින් තමන්ගේම අවන් හලක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අයට මූල්‍ය ආධාරයක් ලබා දීමටත් එහි රජය පියවර ගෙන තිබෙනවා. මේ වැඩපිළිවෙල Hua Long කෝරළයේ වයස අවුරුදු 18 ත් - 45 ත් අතර දිළිඳු වැසියන් ඉලක්ක කර ක්‍රියාවට නැංවෙන්නක්. වැසියන් 5000 කට පමණ පුහුණුව ලබාදීමට මින් අපේක්ෂා කරනවා. මේ වනවිට දිළිඳු පවුල් 800 ක් පමණ මේ වැඩපිළිවෙල මඟින් නව ජීවිතයක් ලඟා කරගෙන තිබෙනවා.

මේ ප්‍රණීත නුල්ඩ්ස්වලට Hua Long කෝරළයේ වැසියන්ට තවත් වඩා සූන්දර ජීවිතයක් ලබා දෙන්න පුළුවන් වේවී යැයි අපි ප්‍රාර්ථනා කරනවා.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති