චීනයේ නව ප්‍රවණතාවක් වන ඡංගම දුරකථනයෙන් මුදල් ගෙවීමේ ක්‍රමය

2017-09-29 14:41:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

smart ඡංගම දුරකථනය හා නව අන්තර්ජාල තාක්ෂණය බිහි වීමත් සමඟ, අපේ ජීවිතය වඩාත් පහසුවී තිබෙනවා. ඡංගම දුරකථනයෙන් ගාස්තු ගෙවීම සඳහා වන ලොව විශාලතම ජනතාව ජීවත් වන්නේ චීනයේ. අසූව දශකයෙන් හා අනූව දශකයෙන් පසු උපත ලැබු අය ඒ පිරිස අතර කැපී පෙනෙනවා. නමුත්, මැදි වයසේ, වයෝවෘද්ධ පිරිස් හා 2000 වසරෙන් පසු උපත ලැබු වඩාත් තරුණ පිරිස් ද මීට එක් වනවා.

ඉහළ කාර්යක්ෂමතාවෙන් යුතුව ගනුදෙණු කිරීමට හැකි වී ඇත්තේ ඡංගම දුරකථන නව තාක්ෂණය නිසයි. උදාහරණයක් වශයෙන් චීනයේ Hang Zhou නගරයේ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන බස් රථ 5000ක පමණ ගමන් කරන මඟීන් තමන්ගේ ඡංගම දුරකථනයෙන් ටිකට් පත්‍රයේ ගාස්තු ගෙවීම් සිදුකරනවා. Cheng Du නගරයේ උමං දුම්රියෙත් ඡංගම දුරකථන අන්තර්ඡාලය ඔස්සේ ටිකත් පත්‍රය සඳහා වන ගාස්තු ගෙවන්න පුළුවන්. මීට අමතරව, ඡංගම දුරකථනයෙන් ගාස්තු ගෙවීමට සම්බන්ධ ප්‍රශ්ණ 2017 වසරේ චීනයේ A-Level විභාගයේ චීන භාෂා විෂයට ඇතුළත් වුණා. ඒ නිසා, අපිට සදහන් කරන්න පුළුවන් මෙම ඡංගම දුරකථනයෙන් ගාස්තු ගෙවීමේ ක්‍රමය මේ වනවිට චීනය පුරාම ජනප්‍රිය වී ඇති බව.

මෙයින් මුදල් ගෙවන අවස්ථාවේ ඡංගම දුරකථනයේ QR සංකේතය පරීක්ෂාවකට ලක්කර ක්ෂණිකව සිදුකළ හැකියි. සාමාන්‍ය‍ හා සුපිරි  වෙළඳසැල්වල ද මෙය ක්‍රියාත්මකයි. වයෝවෘද්ධ ජනතාවට සිය ගෙවීම් පහසු කිරීම සඳහා මෙම QR සංකේතය විශාල ලෙසින් සකස් කර තිබෙනවා.

චීන මහජන බැංකුවේ සංඛ්‍යාලේඛනයට අනුව, 2017 වසරේ පළමුවැනි කාර්තුවේ, ඡංගම දුරකථනයෙන් මුදල් ගෙවීමේ වටිනාකම අමෙරිකානු ඩොලර් ‍ට්‍රිලියන 7 ඉක්මවනවා.

ඡංගම දුරකථනයෙන් මුදල් ගෙවීම, චීනයේ මුදල් ගනුදෙණු කිරීමේ නව විප්ලවයක් ලෙස ද හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම, මෙය නව ඡංගම දුරකථන හා අන්තර්ඡාල තාක්ෂණය ජනතාවගේ ජීවිතයට එක් කළ නව ප්‍රවණතාවක්. අප විශ්වාස කරනවා ඉදිරියේදී, මෙවැනි නව තාක්ෂණික ක්‍රම සාමාන්‍ය වැසියන්ගේ ජීවිතය තවත් වඩාත් පහසු කරනු ඇති බව.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති