චීනයේ සුන්දර තේ ගම්මානයක්

2017-09-29 14:40:45
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ Gui Zhou පලාතේ Mei Tan කෝරළයේ He Tao Ba නමින් ගම්මානයක් තිබෙනවා. දිගු කාලයක් එහි නියඟයක් පැවැති නිසා ගොවිතැන් කිරීම අපහසු වුණා. අසූව දශකයේ එහි වැසියන්ගේ ආදායම වසරකට චීන යුආන් 600ක් පමණ වුණා. නමුත් දැන් වසරකට යුආන් 17000ක පමණ ආදායමක් ඔවුන්ට හිමි වෙනවා. මේ ගම්මානය හැදින්වෙන්නේ ජෛව තේ ගම්මානයක් ලෙසටයි. පිරිසිඳු වීදි, ලස්සනට නිර්මාණ වූ නිවාස, විශාල  තේ වතු එහි දකින්න පුළුවන්. ඉතින්, He Tao Ba ගම්මානය කෙසේ ද ප්‍රීතිමත්, සුසංගත හා ධනවත් ගම්මානයක් බවට පත් වී තිබෙන්නේ ?

50 දශකයේදී, වැසියන්ගේ මූලික ජීවන ප්‍රශ්ණයක් වූ ජල ප්‍රශ්ණය විසදීම සඳහා ගම්මානයේ එවක ප්‍රධානියා කැපවීමෙන් කටයුතු කළා. ඉන් පසුව, හැත්දෑ ගණන්වල අගදී පමණ,ඔහුගේ ප්‍රධානත්වයෙන් තේ වගා කිරීම ආරම්භ කළා.

මුලින්ම, ඔහු තේ වගාව අත්හදා බැලුවා. එය සාර්ථක වුණාට පස්සේ, ගම්මානයේ වැසියන්ට තේ වගා කරන්න බීජ බෙදා දුන්නා. මේ සමඟ, 2000 වසරේ සිට, වැසියන්ගේ ජීවිතය වෙනස් වී තිබෙනවා. මේ වන විට, එහි වැසියන්ගෙන් සියයට 90ක් පමණ තේ වගාවේ නිරත වී සිටිනවා. සියයට 10ක් පමණ තේ කොළ සැකසීම් හා අලෙවි කරන කටයුතුවල නිරත වී සිටිනවා.

මීට අමතරව, He Tao Ba ගම්මානය වෙනත් දරිද්‍රතාවට ලක් වූ ප්‍රදේශවල වැසියන් කැඳවා ඒ අය වෙනුවෙන් රැකියා සලසා දෙනවා. මේ අනුව, දැනට, 3000ක පමණ පිරිසක් He Tao Ba ගම්මානයේ සේවය කරමින් සිටිනවා. මේ අතර, වෙනත් ප්‍රදේශවල පිහිටා තිබෙන ව්‍යවසායයන් He Tao Ba ගම්මානයට කැඳවා ගැනීමක් ද දකින්න පුළුවන්.

Yun Xiang නම් තේ සමාගමේ නියෝජ්‍ය කළමණාකරුවා පැවසුවේ තම සමාගම He Tao Ba ගම්මානයේ ස්ථානගත කළේ එහි පවතින දැවැන්ත තේ සංස්කෘතිය හා සුවිශේෂී තේ වතු පරිසරය නිසා බවයි. සමාගමේ He Tao Ba ගම්මානයේ සේවකයන් 100ක පමණ පිරිසක් මීට පෙර වෙනත් ප්‍රදේශවල වැඩ කරමින් සිටියා. දැන් මේ පිරිස තමන්ගේ උපන් ගමට ඇවිත් සේවය කරමින් සිටින බව ද මේ කළමණාකරු පැවසුවා.

19 හැවිරිදි Lei Lingling ට දිළිඳුකම නිසා, කුඩා කාලයේ දෙමව්පියන් සමඟ වෙනත් ගම්මානයකින් He Tao Ba ගම්මානයේ නැවතී සිටීමට සිදු වුණා. දැන් ඇය Yun Xiang තේ සමාගමේ තේ පිළියල කරන තැනැත්තියක්. ඇය මේ විදියට අපට අදහස් දැක්වා

‘ මාසයක මගේ ආදායම චීන යුආන් 4000ක් පමණ. අපේ සමාගමට නරඹන්නන් එන කොට, කොහොම ද විවිධ තේ වර්ග රස විඳින්නේ කියන එක පිළිබදව මම ඔවුන් එක්ක අදහස් හුවමාරු කර ගන්නවා. දරුවන්ට තේ සංස්කෘතිය කියලා දෙනවා, ඔවුන්ට තේ හදන එක පෙන්නනවා. මේ සියල්ලට ම මම හරි ම ආදරේයි. තේ ගැන සියල්ල ම හොඳට ඉගෙන ගත්තොත් ප්‍රතිලාභ බොහෝමයක් හිමි කර ගන්න පුළුවන්. ’

තේ වගා කිරීමත් සමඟ, He Tao Ba ගම්මානයේ ප්‍රීතිමත්, සුසංගත හා ධනවත් පරිසරයක් දැන් දකින්න පුළුවන්. මේ ගම්මානය තව තවත් දියුණු වේවායි  අපි ප්‍රාර්ථනා කරනවා.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති