චීනයේ අධිවේගී දුම්රිය විදේශිකයින්ගේ ඇසින්

2017-09-29 14:38:06
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මේ දිනවල, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙල ආශ්‍රිත රටවල් 20ක පමණ තරුණ තරුණියන් විමර්ෂණයක් කළා. එමඟින්  ‘චීනයේ නව නිර්මාණ 4ක් ’  තෝරා ගත්තා. අධිවේගී දුම්රිය ඉන් කැපී පෙනෙනවා.

ඉතාලියේ වයස අවුරුදු 15ක තරුණියක් දැන් චීනයේ Shang Hai නගරයේ අධ්‍යපන කටයුතු සිදු කරමින් සිටිනවා. මෙවර, ඇය Shang Hai සිට අධිවේගී දුම්රියෙන් බෙයිජිං නගරයට ඇවිත් සංචාරය කරනවා. මේ ඇය චීනයේ අධිවේගී දුම්රිය සම්බන්ධයෙන් දැක්වු අදහස්.

 ‘ මමයි මගේ යාළුවෝයි අන්තර්ජාලය ඔස්සේ ටිකට් මිළදී ගත්තා. හරිම පහසුයි. කෝච්චියේ හරිම සනීපයි, වේලාව ඉක්මනින් යනවා කියලායි මට දැනෙන්නේ. අධිවේගී දුම්රියෙන් සංචාරය කරන එකට මං ගොඩක් ආසයි, කොහේ හරි යන එන ගමන් දර්ශන ගොඩක් නරඹන්නත් පුළුවන්. ’

සිම්බාබ්වේ රාජ්‍යයෙන් පැමිණ සිටින ශිෂ්‍යයෙක් චීනයේ සංචාරය කරද්දී අධිවේගී දුම්රිය ගමන්-බිමන් සඳහා තෝරා ගත්තා. ඔහු මෙලෙස අපිට අදහස් දැක්වුවා.

 ‘ මෙහේ අධිවේගී දුම්රිය නියමයි. මං Nan Jing, Hang Zhou, Ji Ning නගරවලට ගිහිල්ලා තියෙනවා අධිවේගී දුම්රියෙන්. හරිම සනීපයි. හරිම පහසුයි. මම ඡංගම දුරකථනයේ wechat මෘදුකාංගයෙන් ටිකට් මිලදි ගත්තා. අරගෙන දුම්රිය ස්ථානයට ගිහින් ටිකට් එක ලබා ගත්තාම ඇති. ’

‍පෝලන්තයේ වයෝවෘද්ධ අයෙක් බෙයිජිං ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීනයට පැමිණ අධිවේගී දුම්රියෙන් රැස්වීමකට සහභාගී වීම සදහා Qing Dao නගරයට යන්නයි සුදානම් වන්නේ. චීනයේ අධිවේගී දුම්රියේ සංවර්ධනය ඔහු ඉහළින් අගය කළා.

‘ චීනයේ අධිවේගී දුම්රිය ඡාලය බොහෝම හොඳයි. ඒ නිසා, සාමාන්‍ය වැසියන්ට ගොඩක් වාසියි. කෙටි කාලයක් තුළින්, අධිවේගී දුම්රිය විශාල වර්ධනයක් ලබා ගත් එක ගැන චින ජාතිකයන්ට ලොකු ආඩම්බරයක්. මම චීනයට සුභ පතනවා. ’

වර්තමානයේදී, අධිවේගී දුම්රිය සාමාන්‍ය වැසියන්ගේ ජීවිතය ‍විශාල වශයෙන් පහසු කර තිබෙනවා. මෙය චීනයේ අනන්‍යතාවක් හා සංකේතයක් ලෙස ද හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම, ‍විදේශ මිත්‍රයින් අපට පවසනවා මේ අධිවේගී දුම්රිය වගේ  චීනයේ නව තාක්ෂණය ඔවුන්ගේ රටවල් සමඟ, ලොව සමඟ එක්ව බෙදා හදා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තු බව.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති