ඇපල් වගාවෙන් සාර්ථක ජීවිතයක් ළඟා කරගත් චීනයේ Xi Bei Ding ගම්මානයේ තාක්ෂණවේදියා

2017-09-29 14:36:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ Shan Xi පළාතේ Xi Bei Ding ගම්මානයේ වැසියෙක් වන Ma Xiao Hong, පවුලේ පැවතුන දුෂ්කරතා නිසා අවුරුදු 20ට කලින් තමන්ගේ අධ්‍යාපනය අතහැර රැකියාවක් සොයා ගන්නට ඈත නගරයකට ගියා. ඉන් පසු ඔහු දැනගත්තා ඇපල් වගා කිරීම පිළිබදව ඔහුගේ ගම ප්‍රසිද්ධවී ඇති බව. 1999 වසරේ, Ma Xiao Hong ආපසු ගමට ඇවිත් ඇපල් වගා කරන්නට තීරණය කළා.

දැන් Ma Xiao Hong ඇපල් වත්තක් හිමිවී පුද්ගලයෙක්. ඇපල් වගා කිරීමෙන් ඔහු ලබන වාර්ෂික ආදායම චීන යුආන් ලක්ෂ 2ක් පමණ. ඒ වගේම ඇපල් වගා කිරීමේ තාක්ෂණවේදීයෙක් ලෙස ඔහු තම උපන් ගමේම සේවය කරමින් සිටිනවා. මූලිකවම තාක්ෂණය පිළිබද මනා අවබෝධයක් නොමැති නිසා, ස්වභාවික විපත් වලට මුහුණ දීමෙන් ඔහුගේ ඇපල් වගාව සාර්ථක වූයේ නෑ.

“ ඇපල් වගා කළ මුල් කාලයේ, මට තාක්ෂණය පිළිබද හොඳටම තේරෙන්නේ නැති නිසා හොඳට ඇපල් වගා කරන්න බැරි වුණා. ඊට පස්සේ මම වගා කිරීමේ තාක්ෂණය හොදට ඉගෙන ගත්තා. තාක්ෂණයත් එක්ක ඇපල්වල ගුණාත්මකභාවය ඉහළ ගියා. ”

2016 වසරේ, Ma Xiao Hong සිය උපන් ගමේ ඇපල් වගා තාක්ෂණ තරගයකදී පළමුවැනි සම්මානය හිමිකර ගත්තා. තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථක කර ගනිමින් පසුව මාර්ගෝපදේශකයෙක් ලෙස ගමේ වැසියන්ට උපදෙස් ලබා දුන්නා. ඔහුගේ ප්‍රධානත්වයෙන් එහි ඇපල් වගා කිරීමේ සහයෝගී ආයතනයක් ඇතිකර තිබෙනවා. ගමේ පවුල් 70 ක් අතරින් පවුල් 40 ක් පමණ මේ ආයතනය සමග එක්වී සිටිනවා. Ma Xiao Hong ගේ උපදෙස් අනුව, ගම් වැසියන්ගේ ජීවිත තවත් සතුටුදායක ලෙසින් සාර්ථක කර ගනිමින් සිටිනවා.

එමෙන්ම මේ වනවිට රජය ඇපල් වගා කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ඇපල් වගා කිරීම මඟින් එහි වැසියන්ට සුන්දර ජීවිතයක් ගතකළ හැකි බවට ඉන් අපේක්ෂා කෙරෙනවා.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති