wechat තාක්ෂණය චීන පොලීසියේ සේවාවන් තවදුරටත් පහසු කරයි

2017-09-29 14:33:51
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව අන්තර්ඡාල තාක්ෂණය මගින් අපේ ජීවිතයට බොහෝ පහසුතකම් සළසා දී තිබෙනවා‍. ඒ ‍වගේම, මේ නව අන්තර්ඡාල තාක්ෂණය අපේ සමාජයේ විවිධ ක්ෂේත්‍රවලට බලපා තිබෙනවා.

චීනයේ ලිඕ නිං(Liao Ning) පළාත උදාහරණයක් ලෙස සඳහන් කළොත්, එහි විවිධ නගරවල පොලීස් දෙපර්තමේන්තු නව අන්තර්ඡාල තාක්ෂණය ප්‍රයෝජනය ගනිමින් රාජකාරී සිදු කරනවා.  එමගින් කාර්යක්ෂමතාව ඉහළ නැංවා තිබෙනවා. මේ නව තාක්ෂණය ගැන කතා කරනවා නම්, මේ දිනවල, whatsapp එකේ කාර්යය වගේ wechat කියන මෘදුකාංගය චීනයේ පුරා ම ඉතාම ජනප්‍රියයි. චීනයේ විවිධ ක්ෂේත්‍රවල වගේම සාමාන්‍ය ජනතාවගේ ජීවිතය wechat නිසා බොහෝම පහසු වී තිබෙනවා. ‍

Liao Ning පළාතේ Shen Yang නගරයේ පොලිස් ස්ථානයක පොලිස් නිළධාරීන් 10දෙනෙකුගෙන් සමනවිත විශේෂ කණ්ඩායමක් ලෙස ස්ථාපිත කර තිබෙනවා. නව අන්තර්ඡාල තාක්ෂණයෙන්, නැත්නම් wechat ඔස්සේ, තොරතුරු විමසීම, විවිධ සේවාවන් සැපයීම, හදිසි සිද්ධින් පිළිබද දැනුවත් කිරීම ඇතුළු සේවාවන් සැපයීම මේ කණ්ඩායමේ ප්‍රධාන රාජකාරියයි. සුනඛයින්ගේ හැඳුනුම්පත නිකුත් කිරීම වැනි ක්‍රියාවක් සදහන් කළ හැකියි. මෙම නව තාක්ෂණ කණ්ඩායම ස්ථාපිත කිරීමට පෙර, ජනතාව තමන්ගේම සුනඛයා රැගෙන පොලිස් ස්ථානයට පැමිණ ඡායාරූපයක් ගෙන ලියාපදිංචි කළයුතුයි. නමුත් දැන් ජනතාව ඡංගම දුරකථනයෙන් තම සුනඛයාගේ  ඡායාරූපයක් ගෙන wechat ඔස්සේ පොලිස් ස්ථානයට යවා තම අයදුම්පත පිරවීමට පෙළඹී තිබෙනවා. පසු දිනක පොලිස් ස්ථානයට ගොස් සුනඛයාගේ හැඳුනුම්පත ලබා ගත හැකියි.

මීට අමතරව, පැය 24ක් පුරාම wechat ඔස්සේ හදිසි සිදුවීම් පිළිබද දැනුවත් කිරීම සඳහා ජනතාවට හැකියාවක් තිබෙනවා. මේ සමඟ, හදිසි සිදුවීම් විසඳා ගැනීමට වැය වන කාලය අවම කිරීමට හැකි වී තිබෙනවා. එමෙන්ම ආබාධිත පුද්ගලයන්ටත්, දුරකථනයෙන් දැනුවත් කළ නොහැකි පුද්ගලයන්ටත් මේ හරහා ලැබී ඇත්තේ මහත් පහසුවක්.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති