දා ලිඇන් නව අධි තාක්ෂණ කර්මාන්ත පුරය සිය සේවකයන්ට ලබා දුන් සහන හා කර්මාන්තයේ අභිවෘද්ධිය

2017-09-28 14:19:50
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ ඊසාන දිග මුහුදුබඩ නගරයක් වන Da Lian නගරයේ නව අධි තාක්ෂණ කර්මාන්ත පුරයක් පිහිටා තිබෙනවා. වසර 20 කට පෙර, IBM, Epson, Dell යනාදී ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාර රැසක් මේ පුරයේ ස්ථාපිත කරන්නට පටන් ගත්තා. මේ පුරයේ සේවය කරන අයට වැඩි පහසුකම් සැපයීම සඳහා එහි කළමණාකරන මණ්ඩලය ද විශාල  කැපවීමෙන් කටයුතු කර තිබෙනවා.

පළමුව සේවක සේවිකාවන්ට නිවාස සංකීරණයක් ඉදිකිරීම කළමණාකරන මණ්ඩලයේ ප්‍රමුඛතම ක්‍රියාවක් වුණා. ඒ අනුව, 2015 වසර ජූලි මාසයේ සිට ඔවුන්ට නිවාස සංකීර්ණයක් ලබා දුන්නා. එහි සේවක සේවිකාවන් 3000 කට වැඩි පිරිසක් මේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් බවට පත්වුණා. විවිධ පහසුකම් සහිත මේ නිවාස සංකීර්ණයේ එක් නිවසක මාසික කුළිය ඉතා පහළ මට්ටමක පවතිනවා.

මේ අතර, පොදු ප්‍රවාහන සේවාවන් සේවක සේවිකාවන්ට සපයාදී තිබෙනවා. ඒ අනුව, එක් දිනකදී සේවක සේවිකාවන් 7000 කට වැඩි පිරිසක් මෙහි ගමන් කරනවා. පෞද්ගලික වාහනය භාවිත කරන අය වුණත් මේ නිසා පොදු ප්‍රවාහන සේවයේ ප්‍රතිලාභීන් බවට පත් වුණා. මේ අතර, පොදු ප්‍රවාහන සේවාවන් සඳහා පා පැදි හා මෝටර් රථ ද සේවක සේවිකාවන්ට සපයා දී තිබෙනවා. තමන්ගේ ආයතනයේ හැඳුනුම්පත යොදා ගනිමින් තම ප්‍රවාහන කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා.

මීට අමතරව තාක්ෂණ පුරයේ සිය තරුණ පරපුරේ සේවක සේවිකාවන් හා මෑතකදී විශ්ව විද්‍යාලවල උපාධි ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ප්‍රතිපත්ති, මූල්‍ය ආධාර, තාක්ෂණය සැපයීම මින් අපේක්ෂා කරනවා. ඒමගින් යෞවන යෞවනියන් මෙම කර්මාන්ත පුරයෙන් සිය ව්‍යාපාරයන් ආරම්භ කිරීමට අවබෝධයක් ලබාගත හැකියි.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති