චීනය විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වයෙන් සිය සංවර්ධන සංකල්පය ලෝකයට ගෙන යයි

2017-09-28 14:18:07
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මේ දිනවල චීනයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ආශ්‍රිත රටවල් 20ක පමණ තරුණ තරුණියන් විමර්ෂණයක් සිදුකළා. ඒ සදහා “චීනය තුළ ක්‍රියාත්මක පහසුකම්වලින්  4 ක්” ඔවුන් තෝරා ගත්තා. අධිවේගී දුම්රිය පද්ධතිය, Alipay නම් ඡංගම දුරකථනයෙන් මුදල් ගෙවීමේ ක්‍රමයත්, Sharing Bicycle එහෙම නැත්තම් සහයෝගීතා පා පැදිය හා අන්තර්ඡාලය ඔස්සේ භාණ්ඩ මිළදී ගැනීම එම 4යි. මේ අධි තාක්ෂණික පහසුකම් නිසා විදේශීය මිත්‍රයින්ට චීනයේ නැවතී සිටින අවස්ථාවලදී විශාල පහසුවක් දැනෙනවා දෛනික කටයුතු කර ගැනීමේදී.

මේ සම්බන්ධයෙන්, චීනයේ අධ්‍යපන කටයුතුවල නිරත වී සිටින කාම්බෝජ ශිෂ්‍යයෙක් අපට පැවසු‍වා චීනයේදී ඔහු එළියට යනවා නම් මුදල් රැගෙන යන්නේ නැති බව. ඡංගම දුරකථනයෙන් ආහාර පාන ඇතුළු සියල්ලම ඔහුට ගන්න පුළුවන්. සාමාන්‍ය වෙළඳසැලක වුණත් මුදල් නෝට්ටුවලින් ගෙවන්නේ නැතුව ඡංගම දුරකථනයෙන් ගෙවීම් කළ හැකියි. කෑම ගෙන්වා ගන්නවා නම් ඡංගම දුරකථනයෙන් ඇණවුම් කළ හැකි බවද ඔහු පැවසුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙක් දැන් චීනයේ සේවය කරමින් සිටිනවා. ඔහු පා පැදි ලෝලියෙක්. චීනයේ ක්‍රියාත්මක සහයෝගීතා පා පැදි භාවිතය ඔහු අගය කළා. ඔහු පැවසුවේ එම සහයෝගීතා පා පැදි භාවිත කිරීමෙන් මාර්ග තදබදය අවම කළ හැකි බවයි. ජනතාවගේ ශාරීරික සෞඛ්‍යයටද ඉන් විශාල පිටිවහලක් ලැබෙන බව නියෝජිතවරයාගේ අදහසයි. ඇත්ත වශයෙන්ම අධිවේගී දුම්රිය, Alipay, සහයෝගීතා පා පැදිය හා අන්තර්ඡාලය ඔස්සේ භාණ්ඩ මිළදී ගැනීම යන නව පහසුකම් විද්‍යා හා තාක්ෂණයට සම්බන්ධයි. උදාහරණයක් වශයෙන් සඳහන් කළොත් සහයෝගීතා පා පැදි ක්‍රමය චන්ද්‍රිකා තාක්ෂණයෙන් පා පැදි ස්ථානගත කිරීමේ හා ස්ථාන තහවුරු කිරීමේ පද්ධතියක් අනුව ක්‍රියාත්මක වන්නක්. ඒ සඳහා ඡංගම දුරකථනයෙන් මුදල් ගෙවීම කළ හැකියි. ජපානයේ චීනය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක විශේෂඥයෙක්ද සඳහන් කළේ පසුගිය වසර 10 තුළ, නිර්මාණශීලි සංවර්ධනය අතින් චීනය ජපානය අභිබවා ගොස් ඇති බවයි.

මේ වන විට නිර්මාණශීලිත්වය චීන ආර්ථිකයටත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. පසුගිය වසරේදී විද්‍යා හා තාක්ෂණය අතින් චීන ආර්ථිකයට ලැබුණු දායකත්ව අනුපාතය සියයට 56 ඉක්මවා ගොස් තිබෙනවා. චීනය විද්‍යා හා තාක්ෂණික නිර්මාණශීලිත්වයෙන් ලොව වෙත පෙන්නුම් කර ඇත්තේ සිය සංවර්ධන සංකල්පය හා තමන් සතු හැකියාවයි.

 


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති