චීනයේ සහයෝගතා ආර්ථිකය දැඩි වර්ධනයක් පෙන්නුම් කරයි

2017-09-28 14:12:26
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වර්තමානයේදී, චීනයේ sharing ආර්ථිකය එහෙම නැත්තම් සහයෝගතා ආර්ථිකය බිහි වී මහජනතාවගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

දැන් චීනයේ ජනප්‍රිය වී තිබෙන ofo නම් sharing bicycle එහෙම නැත්නම් සහයෝගතා පා පැදි සේව‍ාව  ලෝකයේ රටවල් 5ක  නගර  120 ක  ජනප්‍රිය වී තිබෙනවා. මිලියන 6ක් පමණ පා පැදි එම නගර වල  ස්ථානගත කර තිබෙනවා. ofo සහයෝගතා පා පැදිය ප්‍රථමයෙන් ම Peking විශ්ව විද්‍යාලයේ ස්ථානගත කෙරුණා. ofo සහයෝගතා පා පැදිය ඇතුළු සහයෝගතා ක්‍රමය නිර්මාණශීලි ක්‍රමයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. නිර්මාණශීලිත්වය සහයෝගතා ආර්ථිකය ඉදිරියට පවත්වා ගෙන යාමට වැදගත්  සාධකයක්.

දැන්, සහයෝගතා පා පැදිය පමණක් නොව, සහයෝගතා මොටර් රථ, විදුලියෙන් ගමන් කළ හැකි යතුරු පැදි, නිවාස, power bank, කුඩය, පැසිපන්දු, ආහාර පිළියල කිරීම වගේ පෞද්ගලික කුසලතාවන් ඇතුළු මහජනතාවගේ දෛනික ජීවිතයට සමීප ව සම්බන්ධ වන භාණ්ඩ හා කුසලතා මේ සහයෝගතා ආර්ථිකයට එක් වී තිබෙනවා.

චීනයේ Fu Jian පලාතේ Fu Zhou නගරයේ වැසියෙක්  සඳහන් ‍කළේ සෑම සෙනසුරාදාවක ම ඔහු ඡංගම දුරකථනයෙන් විදුලියෙන් ගමන් කළ හැකි මෝටර් රථයක් කුළිය ගන්නා බව. මීට පෙර, ඔහු කුළි රථයෙන් නිවසට යන විට, චීන යුආන් 80ක් වියදම් කරන්න ‍තිබුණා. මේ අලුත් ක්‍රමයෙන් යුආන් 18ක් පමණක් වියදම් කරන්න අවශ්‍යයි. විදුලියෙන් ගමන් කළ හැකි මෝටර් රථය නිසා, පරිසරහිතකාමී ලෙස ගමන් කළ හැකි බව ද ඔහු පැවසුවා.

නිළ සංඛ්‍යාලේඛණයකට අනුව, පසුගිය වසරේ, චීනයේ සහයෝගතා ආර්ථිකයේ  ගනුදෙනු වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 50 ඉක්මවුවා. එය 2015 වසරේ වටිනාකමට වඩා සියයට 103කින් වැඩි වීමක් . එය සැබෑ ආර්ථික වර්ධන වේගය සෑහෙන තරමකට ඉක්මවා ගොස් තිබුණා.

සහයෝගතා ආර්ථිකය විශාල වශයෙන් වර්ධනය වී ඇත්තේ තාක්ෂණය නිසයි. පුළුල් ඡංගම දුරකථන අන්තර්ඡාල තාක්ෂණය සහයෝගතා ආර්ථික වර්ධනය කිරීමේ ප්‍රධාන සාධකයක් බව විශේෂඥයන් පෙන්වා ‍දුන්නා.

විද්‍යා තාක්ෂණ පිළිබඳ නිර්මාණශීලි ක්‍රමයෙන් යුත් ව්‍යාවසායයන් සහයෝගතා ආර්ථිකය වෙත වැඩි අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන් ම, අධි තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්‍රවල, සහයෝගතා ආර්ථිකය සඳහා ශීඝ්‍ර වර්ධනයක් දකින්න පුළුවන් කියා විශ්වාස කෙරෙනවා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති