ප්‍රවෘත්තිය

චීන හා පලස්තීන ජනාධිපතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(20) රාත්‍රී පලස්තීන  ජනාධිපති Mahmoud Abbas මහතා සමග දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය.ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, චීනය හා පලස්තීනය සෑම විට ම අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාස කරන බවයි

බෙයිජිං නගරයේ හදිසි පොදු සෞඛ්‍ය අවදානම් මට්ටම පහළට

කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා බෙයිජිං නගරයේ පනවා තිබූ හදිසි පොදු සෞඛ්‍ය අවදානම අද(20) අලුයම පැය 0:00 සිට 2වැනි මට්ටමේ සිට 3වැනි මට්ටම දක්වා අඩු කර  ඇත. දින 50කට වැඩි කාලයකට  පසු, පසුගිය ජුනි මාසයේ 11වැනි දා, COVID-19 බවට තහවුරු කරන ලද අලුත් ආසාදන සිද්ධියක් වාර්තා විය

කොලොම්බියාවේ හමුදාව හා පොලීසිය ආරක්ෂිත ඇඳුම් සහිතව මුර සංචාරයේ යෙදෙති

කොලොම්බියාවේ නව කොරොනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ සංඛ්‍යාව 160 දාහක් පමණ වේ. Bogotá නුව‍ර රජය උපදෙස් දී ඇත්තේ, දැඩි ව හුදෙකලා වූ ප්‍රජාවලදී පවා හමුදාව සහ පොලීසිය ආරක්ෂිත ඇඳුම් ඇඳිය ​​යුතු බවයි.

ලොව පුරා තහවුරු වූ නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 14 ඉක්මවයි -- ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 19 වැනිදා මධ්‍යම යුරෝපා වේලාව 18:32 වන විට, ලොව පුරා තහවුරු වූ නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 14,043,176ක් වන අතර, මරණ සංඛ්‍යාව 597,583කි

මුඛ ආවරණය පැළඳීම දේශපාලනීකරණයට ලක් කිරීම සිතා ගත නොහැකි බව, ඇමරිකානු ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා කියයි

මුඛ ආවරණය පැළඳීම දේශපාලනීකරණයට ලක් කිරීම සිතා ගත නොහැකි බව ඇමරිකානු ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානී Francis Collins මහතා පවසයි.කොරොනා වසංගතයට මුහුණ දීමේදී මුඛ ආවරණ පැළඳීමේ ක්‍රියාව දේශපාලනීකරණය කිරීම සිතා ගත නොහැකි බව ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේ ය

චීන ආර්ථීක දත්ත මගින් ලෝකයට නව බලාපොරොත්තුවක්

චීන ආර්ථීක දත්ත ලෝකයට නව බලාපොරොත්තුවක් ගෙන දෙන බව ඇමරිකාව,බ්‍රිතාන්‍යය,ජර්මනිය යන රටවල මාධ්‍ය ආයතන හා ආර්ථික පර්යේෂණ ආයතන රැසක් වාර්තා කර ඇත. මේ වසරේ දෙවන කාර්තුව චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 3.2කින් වැඩි වීම ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක්ව ඇත

COVID-19න් මතුව ඇති ගැටළුවලට මුහුණ දීම සඳහා ජී20 කණ්ඩායමෙන් ක්ෂණික හා සුවිශේෂී පියවර

COVID-19න් මතුව ඇති ගැටළුවලට මුහුණ දීම සඳහා ක්ෂණික හා සුවිශේෂී පියවර ගන්නා බවට ජී 20 කණ්ඩායමේ මුදල් ඇමතිවරු සහ මහ බැංකු ආණ්ඩුකාරවරු ප්‍රතිඥා දෙති.සෙනසුරාදා පැවති වීඩියෝ රැස්වීමකදී, ණය සේවා අත්හිටුවීමේ මුලපිරුමේ ප්‍රගතිය ඔවුන් පිළිගන්නා බව ජී20 කණ්ඩායමේ සභාපතිවරයා නිකුත් කළ  නිවේදනයේ දැක්වේ

COVID-19න් ඇමරිකා දළ දේශීය නිෂ්පාදිතයට දැඩි අහිතකර බලපෑම්

ඇමරිකා  දළ දේශීය නිෂ්පාදිතය දෙවන කාර්තුවේදී වාර්ෂිකව සියයට 37 ක අනුපාතයකින් සහ සමස්තයක් ලෙස 2020 සඳහා සියයට 6.6 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.ඇමරිකා ඉතිහාසයේ දීර්ඝතම ආර්ථික ප්‍රසාරණය  COVID-19 අනපේක්ෂිත පැමිණීමත් සමඟ පීඩාවට පත්ව ඇත

කොවිඩ් 19 වැළඳී මියගිය ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි

කොවිඩ් 19 වැළඳී මියගිය  ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමට පියවර ගැනේඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය ගිය ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන්,අවමංගල්‍යය කටයුතු සඳහා රු.40000.00 මුදලක් පිරිනැමෙන බව ශ්‍රී ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි

වසංගතය හේතුවෙන් ලොව පුරා දරුවන් මිලියන 9.7 කට සදහටම පාසල් අධ්‍යාපනය අහිමි වීමේ අවදානමක්

COVID-19 මගින් වසර ගණනාවක් පුරා පවතින ගැටුම් සහ සෙසු මානුෂීය අර්බුද වැනි ලෝකය මුහුණ දෙන ගැටලු උග්‍රවීමේ තර්ජනයක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිකුරාදා අනතුරු ඇඟවූයේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවයි

HomePrev1234567...NextEndTotal 10 pages