ප්‍රවෘත්තිය

මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුළ

ඉදිරි දින දෙක තුළ දී මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි

නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වෙනත් දිනයක්

කොරොනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

නව කොරොනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පසුබෑමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සංචාරක නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

නව කොරොනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පසුබෑමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සංචාරක නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 738.5ක (යුරෝ මිලියන 3.5ක) මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට යුරෝපා සංගමය තීරණය කරයි

ජාත්‍යන්තර සංචාරකයින් නැවත පිළිගැනීමට මාලදිවයින තීරණය කරයි

දේශසීමාව විවෘත කර ජාත්‍යන්තර සංචාරකයින් නැවත පිළිගැනීමට මාලදිවයින තීරණය කරයි.විදේශ සංචාරකයින් සඳහා පැමිණීමේ වීසා බලපත්‍ර අයදුම්පත් බාර ගැනීම මාලදිවයින විසින් මාස 4 කට ආසන්න කාලයක් අත්හිටුවා තිබේ

චීනයෙන් ඉස්ලාමීය සහයෝගතා සංවිධානයට වසංගත පාලන භාණ්ඩ තොගයක්

චීනය ඉස්ලාමීය සහයෝගතා සංවිධානයට වසංගත පාලන භාණ්ඩ තොගයක් පරිත්‍යාග කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය සනාථ කරයි

චීන හා මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරුන්ගේ වීඩියෝ සමුළුව හෙට

 චීනයේ හා මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරුන්ගේ වීඩියෝ සමුළුව පැවැත්වෙයි.චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වංයී මහතා හෙට(16) පැවැත්වෙන එම සමුළුවේ මුලසුන දරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය ප්‍රකාශ කළාය

කොරොනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජය අවධාරණය කරයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් වාර්තා වීමත් සමග වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජය අවධාරණය කරයි

චීන ජනාධිපතිවරයා ගේ කාර්යබහුල “අන්තර්ජාල රාජ්‍ය තාන්ත්‍රිකභාවය”අස්ථීර හා අවිනිශ්චිත ලොව සංවර්ධනයට චීන විශ්වාසය ගෙන දෙයි

නව කොරොනා නියුමෝනියා වසංගතයේ බලපෑම යටතේ ලෝකයේ ප්‍රබල වෙනස්කම් සිදු වෙමින් පවතින අතර සමස්ත ලෝකය වඩාත් අස්ථීර හා අවිනිශ්චිත සාධකවලට මුහුණ දෙමින් සිටී.

චීන ජනාධිපතිවරයා හා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දුරකථන සංවාදයක

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි.ඊයේ(14) සිදු කළ එම සංවාදයේ දී ෂී ජින් පිං මහතා පැවසුවේ, කොරොනා වසංගතය හට ගැනීමෙන් පසු, චීනය හා තායිලන්තය අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබා දී ඇති බවයි

“ඇමරිකාව තවමත් දුෂ්කර තත්ත්වයෙන් ගැලවී නැහැ” -- ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය

ඇමරිකාව තවමත් දුෂ්කර තත්ත්වයෙන් ගැලවී නොමැති බව ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Robert Redfield මහතා ඊයේ(14) පෙන්වා දුන්නේ, පැහැදිලිවම ඇමරිකාව පුරා වෛරසය තවමත් පැතිර යමින් පවතින බවයි

1234...NextEndTotal 10 pages