ප්‍රවෘත්තිය ඉතිරිය

නව කොරොනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යයි

නව කොරොනා ආසාදිතයින් 433 ක් සහ මරණ 29 ක් ප්‍රාදේශීය මට්ටමේ පළාත් 31න් ඊයේ (26) වන විට වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. චීන මහ ගොඩ බිමේ අලුතෙන් සුව කරන ලද සහ මුදා හරින ලද නව කොරොනා වයිරස් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව නවවන දිනටත්, නව ආසාදන ඉක්මවා ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම කියා සිටී

COVID-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා, චීනය සහ ජපානය අතර සම්බන්ධීකරණය ඉහළ නැංවිය යුතු බව,චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි

COVID-19 වසංගතය පැතිරීම වැළැක්වීම හා කලාපයේ මහජන සෞඛ්‍ය ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා, චීනය සහ ජපානය අතර සම්බන්ධීකරණය ඉහළ නැංවිය යුතු බව,චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය මණ්ඩල සභික වාන්ග් යී මහතා පවසයි.ජපාන විදේශ ඇමති Toshimitsu Motegi සමඟ බදාදා (26) පැවති දුරකතන සංවාදයකදී, හෙතෙම මේ බව අවධාරණය කළේය

චීනයේ වසංගතය වැළැක්වීම හා පාලනය කිරීමේ තත්ත්වයේ සක්‍රීය හා යහපත් ප්‍රවණතාව ව්‍යාප්ත වෙමින් පවතින බව චීන ජනාධිපතිවරයා පවසයි

නව කොරොනා වසංගතය වැළැක්වීම හා පාලනය පිළිබඳ කටයුතු ලිහිල් නොකර ආර්ථික සමාජීය සංවර්ධනයේ විවිධ කාර්යයන් කඩිනම් කළ යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පැවති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍යේ ස්ථාවර කමිටු රැස්වීමේදී යි

කෙ‍රොනා වෛරසයෙන් චීනය හා දකුණු කොරියාව එක්ව මුහුණ දිය යුතු බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි

කෙ‍රොනා වෛරසයෙන් ද්විපාර්ශ්වික හුවමාරු මෙන්ම ආර්ථික හා වෙළඳ සහයෝගතාවන්ට එල්ලවන බලපෑම අවම කිරීමට චීනය හා දකුණු කොරියාව එක්ව පියවර ගත යුතු බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි

කොරොනා වසංගතය වැළැක්වීම හා පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍යේ රැස්වීමක්

නව කොරොනා වෛරස් වසංගතය වැළැක්වීම හා පාලනය  පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ‍යේ රැස්වීම පැවැත්වෙයි.අද(26) පැවති එම රැස්වීමේදී නව කොරොනා වෛරස් වසංගතයට මුහුණ දීම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ විශේෂ කාරක මණ්ඩලය වත්මන් වසංගත තත්ත්වය වාර්තා කළේය

නව කොරොනා වෛරස වසංගතය වැලැක්වීමේ හා පාලනය කිරීමේ චීන උත්සාහය නැමති ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කෙරේ

නව කොරොනා වෛරස වසංගතයට එරෙහි චීන සටන පිළිබඳ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කෙරේ.නව කොරොනා වෛරස වසංගතය වැලැක්වීමේ හා පාලනය කිරීමේ චීන උත්සාහය නැමති එම ග්‍රන්ථය චීන ජාත්‍යන්තර මුද්‍රණාලයේ සහ මහජන ප්‍රකාශන ආයතනයේ සම ප්‍රකාශනයකි