චීනය සාමකාමී මාවතේ ආර්ථික සංවර්ධනයක ගමන් කරමින් සිටී- කොළඹ විශ්ව විද්‍යාලයේ ජත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මැණික් වක්කුඹුර මහත්මිය

2019-09-29 15:33:09
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වසර 70 ක් කියන්නේ කෙටි කාලයක් නෙමෙයි.අපි දන්නවා 1949 ඔක්තෝබර් මස පළමුදා මාඕ සේතුං මහතා විසින් චීන මහජන සමූහාණ්ඩුව බිහිකිරීමත් සමග චීනයට සුවිශේෂී වූ යහපත් ප්‍රතිපත්ති ගොඩනැගීම කියන කාරණය මත විශාල වෙනස්කම් රාශියක් සිදු කළා.මං හිතන්නේ ‍‍ඓතිහාසිකව ගන්න කොට ඒ වෙනස්කම්වල පදනම සහ එහි විකාශය තමයි අපි හඳුනගන්න ඕන. චීනයේ අද දක්වා පවතින සංවර්ධිත තත්ත්වයට චීනය සම්පාදනය කරන ලද මහජන චීනය විසින් ගොඩනගන ලද නීති හා පිලිවෙත් බොහෝදුරට බලපා තිබෙනවා. ඒ නිසා චීන මහජන සමූහාණ්ඩුව ලොව ‍ගෝලීය පාලනයටත් ඒ ‍‍ගෝලීය පාලනය තුල ගොඩ නැ‍‍ගෙන්නාවූ ගෝලීය පර්යායේ කේන්ද්‍රයක් බවට පත්වෙලා ජාත්‍යන්තරව තමන්ගේ ප්‍රගමනයට බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ අවුරුදු 70 තුළ චීනයේ ගොඩනැගීම සුවිශේෂී වෙනවා. එය ලොවටත් එක්තරා ආදර්ශයක්. මෙතනදී කාරණා දෙකකින් මේ තත්ත්වය විස්තර කරන්නම්. පළවෙනි කාරණය තමයි චීනය විසින් සලකන සංවර්ධනය හා සාමකාමීව නැගීම. සංවර්ධනය හා සාමකාමීව නැගීම කියන කාරණය තුළ චීනය ආර්ථික වශයෙන් විශාල ප්‍රගමනයක් අත්කර ගෙන තිබෙනවා. 20 වන සියවස වනවිට ලොව දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 25 ක කොටසක් චීන මහජන සමූහාණ්ඩුව විසින් රැකගෙන තිබෙනවා. මේ තත්ත්වය අද වෙනකොට ඊටත් ඉහළට ගිහිල්ලා තිබෙනවා. උදාහරණයක් ලෙස කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වාර්ෂිකව ඉදිරිපත් කරන දත්ත අනුව 2010 වසරේ චීනයට තිබුණාවූ මිළදී ගැනීමේ බලසමත්වය, චීනයේ භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේ තත්ත්වය දෙවන ස්ථානයේ පවත්වා ගෙන ගොස් තිබෙනවා. 2018 වසර වෙන ‍කොට මේ තත්ත්වය පළවෙනි තැනට ගෙනල්ලා තිබෙනවා. ඉතිං ආර්ථික වශයෙන් ඇතිකර ගෙන තිබෙන මෙම සංවර්ධනය ඉතා විශාලයි. මෙය චීනයේ සංවර්ධනයට බලපෑ පලමු කාරණයක්. දෙවනි කාරණය තමයි මම මීට කලින් සඳහන් කලා සාමකාමී ප්‍රගමනයට යාම. චීනය පවත්වා ගෙන යන ගෝලීය ප්‍රතිපත්ති වල එක් ප්‍රතිපත්තියක් තමයි මෘදු බලය සහිතව ලෝකය එක්ක සම්බන්ධ වීම. චීනයේ වැඩිපුරම කථා බහට ලක්වන සහ ගෝලීය බහු ජාතික සබඳතා ගොඩනැගීමේ ක්ෂේත්‍රයක් ලෙසට සැලකෙන එක් තීරයක් එක් මාවතක් කියන ආර්ථික, වෙළඳ, ආයෝජන මුලපිරුම හරහා චීනය දක්වනවා තමන් ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්නේ සහයෝගතාව උදෙසා කියල. ඉතිං සාමකාමීව නැගීසිටීමත්, ආර්ථිකව නැගීසිටීමත් කියන කාරණයත් චීනය මේ වසර 70 තුළ සාර්ථකව පවත්වා ගෙන තිබෙනවා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති