චීනය ආකාර කිහිපයකින් ලෝකයට වැදගත් -- ආචාර්ය පියවි විජේවර්ධන මහතා

2019-09-25 16:37:26
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ආචාර්ය පියවි විජේවර්ධන මහතා

මානව ප්‍රාග්ධන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පර්යේෂක



චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ මම මුලින් ම චීන ජනතාවට සුබපැතුම් පිරිනමන්න කැමතියි. චීනය ආකාර කිහිපයකින් මේ වනවිට ලෝකයට වැදගත් වෙලා තියෙනවා. පළමු වැනි ආකාරය තමයි චීනය දේශපාලන වශයෙන් ලෝකයට වැදගත් වීම. විශේෂයෙන් සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පස්සේ ලෝක බලතුලනය පවත්වාගෙන යාමට චීනය පුළුල් දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒක මුළු ලෝකයට ම සුභදායි විදිහට බලපා තිබෙනවා. මොකද ඕනෑම කුටුම්භයක් තුළ ඒකාධිපතිවාදයක් තියෙනවාට වඩා බලතුලනයක් තියෙන එක වාසි සහගත වෙනවා.

දෙවැනි කාරණය තමයි චීනය ආර්ථික වශයෙන් විශේෂ පාඩමක් ලෝකයට ඉගැන්වීමට සමත්වීම. චීනය තමන්ගේ සම්පත් විශේෂයෙන් ජනගහනය, තාක්ෂණය, තමන්ගේ ජාන තුළ ඇති කාර්යක්ෂමතාව භාවිත කරමින් ලෝකයට අඩු පිරිවැයකින් හා ‍හොඳ ප්‍රමිතියකින් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කියලා දුන්නා. මේ ක්‍රියාවලිය තුළ චීනය වෙනස් ආකාරයේ පාඩමක් ලෝකයට කියා දුන්නා. බොහෝ පුරාණ රාජ්‍යයන්ට තම පැරණි ආර්ථික ආධිපත්‍ය රඳවා ගැනීමට එහෙම නැතිනම් පවත්වාගෙන යාමට නොහැකි වුණා. නමුත් චීනය පුරාණ සේද මාවත ආර්ථික සැලැස්මේ සිට ම ආර්ථිකය නවීකරණය කරමින් එහි ප්‍රතිඵල නෙලා ගත්තා. එමඟිනුත් චීනය ලෝකයට ආදර්ශයක් සපයලා තියෙනවා.

තුන්වැනි කාරණය තමයි සංස්කෘතික හා ක්‍රීඩාමය වශයෙන් චීනයේ ඇති වැදගත්කම. චීනය සංස්කෘතික අක්‍රමණිකයෙක් නෙවෙයි. චීනය සමහර රටවලට ආර්ථික හා දේශපාලනමය වශයෙන් සහය ලබා දුන්නත්, චීනයේ වැදගත් ලක්ෂණයක් තමයි ඒ ඒ රටවල ස්වාධිපත්‍ය, අනන්‍යතාව හා ඒ ඒ රටවල දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කිරීම. ඒවා නැති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකාව චීනයට ගරු කරන්නේ සංස්කෘතික මිත්‍රයෙක් විදිහට. ඒ වගේම ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් චීනය දක්වා තිබෙන ජයග්‍රහණත් වැදගත්. අවසාන වශයෙන් චීනය බලවත්, සුභවාදී රටක් බවට පත් කිරීමට නායකත්වය දුන් දේශපාලනඥයින්ට, නායකයින්ට හා සමස්ත ජනතාවට මම සුභපතනවා මේ ආකාරයට දිගින් දිගටම චීනය මානව සුභවාදි රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබේවායි කියලා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති