චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් -ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නායක
ඩියු ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නායක
චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මම මුලින්ම මගේ උණුසුම් සුබපැතුම් පිරිනමන්න කැමතියි. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසුව ගත් ආර්ථික ක්‍රියාමාර්ග මුළු ලෝකයම මවිතයට පත් කර තියෙනවා. චීනය මේ වනවිට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි රට. විශාලතම ආනයන හා අපනයනකරු. විදේශ සංචිතය අතින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ක් හිමි එකම රාජ්‍යය. ඒ විතරක් නෙවෙයි මිලියන 900 ක ශ්‍රම බලකායක් ඇති එකම රට බවට චීනය පත්ව තිබෙනවා. මේ හේතුවෙන් මුළු ලෝකයටම අද චීනය නොමැතිව කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව වෙලා තියෙන්නේ. 2020 වසර වන විට මිනිස් ඉතිහාසයේ පළමු වරට දරිද්‍රතාවෙන් ජනතාව මුදවා ගත් රටක් ලෙස චීනය ඓතිහාසික වාර්තාවක් තැබීමට සුදානම් වෙනවා. ගෙවී ගිය වසර 70 තුළ චීනය ලැබූ ජයග්‍රහණ සැලකිල්ලට ගෙන ලොව ආර්ථික විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් හා දේශපාලන විද්‍යාඥයින් චීනය කොයිබට ද යන්න පිළිබඳව දැඩි අවධානය යොමු කර තියෙනවා. මේ වනවිට ලෝක ධනේෂ්වර ක්‍රමය බිඳ වැටී, ආර්ථික අර්බුද හටගෙන, අන්‍යෝන්‍ය අවිශ්වාසය ගොඩනැගී, එම රටවල ප්රතිවිරෝධතා මතුව අර්බුද රැසක් මතුව තිබෙනවා. ගෙවී ගිය කාලය තුළ මුල්‍ය අර්බුද හටගත් සෑම අවස්ථාවකම චීනය ඒවාට සාර්ථකව මුහුණ දීමට සමත් වුණා. මෙවැනි සමත්කම් හේතුවෙන් චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති තුළින් සාර්ථක ප්‍රතිඑල ලබාගෙන තිබෙනවා. චීනය සමාජවාදය, ධනවාදය හා තුන්වැනි ලෝකයේ රටවල අත්දැකීම් සමඟ අභියෝග ජයගෙන නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදි ප්‍රතිපත්තිය මත සිට රට අධිවේගී සංවර්ධනයකට යොමු කර තිබෙනවා. ඉතින් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වශයෙන් චීන ජනතාවටත්, චීන රජයටත්, ජනාධිපති ෂී ජින් පිං මහතාටත් මම හෘදයාංගම සුභපැතුම් පිරිනමනවා.