චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ශ්‍රී ලංකා කථානායක

2019-09-25 14:55:35
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කරූ ජයසුරිය මහතා - කථානායක

කරූ ජයසුරිය මහතා - කථානායක

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා කථානායකවරයා වශයෙන් මම මගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා. ගෙවී ගිය කාලය තුළ චීනය වේගවත් සංවර්ධනයක් අත්කර ගනිමින් විවිධ ක්ෂේත්‍රවලින් ලෝකයට ආදර්ශයක් සපයා තියෙනවා. ශ්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතාවට ඇත්තේ දිගු ඉතිහාසයක්. දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා ආදරය ඉතිහාසයේ විවිධ අවස්ථාවල අත්විද තිබෙනවා. මෑතකදී ශ්‍රී ලංකාව හා චීනය අතර ගොඩනැගුණු ආර්ථික සම්බන්ධතා තුළින් මෙරට ජනතාවට හොඳ ජීවන තත්වයක් ගත කිරීමට චීන රජය පුළුල් ලෙස සහය වී තිබෙනවා. රබර් සහල් ගිවිසුමේ සිට චීනය ශ්‍රී ලංකාවට දැක්වූ සහය අපිට අමතක කරන්න බැහැ. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකා කථානායකවරයා වශයෙන් චීන ජනතාවටත්, චීන රජයටත්, ජනාධිපති ෂී ජින් පිං මහතාටත් මම මගේ හෘදයාංගම සුභපැතුම් පිරිනැමීම‍ට කැමැතියි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති