චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ශ්‍රී ලංකා ප්‍රකාශන සංසදයේ උපදේශක අධිනීතීඥ රවි ජයවර්ධන මහතා

2019-09-25 14:42:24
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ශ්‍රී ලංකා ප්‍රකාශන සංසදයේ උපදේශක අධිනීතීඥ රවි ජයවර්ධන මහතා

ශ්‍රී ලංකා ප්‍රකාශන සංසදයේ උපදේශක අධිනීතීඥ රවි ජයවර්ධන මහතා

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරයට සුභ පැතුම් පණිවුඩයක් එක් කරන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. චීනය මේ ලෝකයේ තිබෙන ශක්තිමත්ම රටක් බවට පත් වෙමින් පවතින මොහොතක තමයි 70 වැනි සංවත්සරය සමරන්නේ. විශේෂයෙන් පරිගණක තාක්ෂණය, ආර්ථික සංවර්ධනය, දිළිඳුකම පිටු දැකීම වගේම දූෂණය පිටු දැකීම සම්බන්ධයෙන් වෙනත් රටවලට ආදර්ශයක් වෙන ලෙසට ඉතාම කෙටි කාලයක් තුළ චීන රජය වැඩ කටයුතු රාශියක් කර තිබෙනවා. ඒවා අගය කළ යුතුයි. ඒ නිසා 70 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා‍වේ මිත්‍ර රාජ්‍යක් ලෙසට චීන ජන රජය දිනෙන් දිනම දියුණුවට පත් වේවා කියන ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම චීනය සමග ඇති සබඳතා ඉදිරියටත් ලංකාව වගේ රටකට ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ ලැබෙන සහයෝගය සහ මිත්‍රත්වය මේ සියල්ල ආරක්ෂා කරගෙන චීනයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා රජය දිනෙන් දිනම දිනේවා යැයි ද මගේ අපේක්ෂාවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති