චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ප්‍රවීණ සාහිත්‍යවේදී,චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා

2019-09-25 14:36:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ප්‍රවීණ සාහිත්‍යවේදී,චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා

ප්‍රවීණ සාහිත්‍යවේදී,චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා

චීන මහජන සමූහාණ්ඩුවට 70 වසරක් පිරීම පිළිබඳව මගේ සුභාශිංශන පිරිනමනවා. මගේ භාග්‍යකට මට චීනයේ සංචාරය කරන්න ලැබුණා. මගේ දෑසින්ම මට දැකගන්නට පුළුවන් වුණා චීනය කියන්නේ කවරාකාර දියුණු රටක්ද කියලා. ඒ වගේම චීනය පිළිබඳව ලියැවුණු පොත් පත් ඇසුරින් මට දැනගන්නට ලැබුණා හොර බොරු නැති රටක්, දූෂණයෙන් තොර රටක් හදන්නට මේ ජනාධිපතිතුමා ඇතුළු පිරිස දැරූ වෙහෙස. ඇත්තෙන්ම අපේ රටත් එබඳු හොර බොරු නැති රටක් සහ දූෂණයෙන් තොර රටක් ලෙස දකින්නයි අපිත් කැමති. ඒ නිසා එම ප්‍රාර්ථනාවත් පෙරදැරි කරගෙන 70 වසරක් සපිරෙන චීන මහජන සමූහාණ්ඩුවට මගේ සුභාශිංශන එක් කරනවා.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති