චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් --- චීනයේ ශ්‍රී ලංකා තානාපති
2019-09-25 10:58:49
ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා
චීනයේ ශ්‍රී ලංකා තානාපති
ඔක්තෝබර් පළමු වැනිදා චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය පැවැත්වෙනවා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව චීන මහජන සමූහාණ්ඩුවේ මිත්‍ර රටක් විදිහට අපි උණුසුම් සුභ පැතුම් එක් කිරීමට කැමතියි. පසුගිය වසර 70ක කාලය තුළ චීන මහජන සමූහාණ්ඩුව ලබා ඇති ආර්ථික සංවර්ධනය, සමාජ ප්‍රගතිය විශ්මය ජනකයි. ජාත්‍යන්තර වේදිකාවේ ප්රමුඛ රටක් විදිහට චීන මහජන සමූහාණ්ඩුව ලබාගෙන තිබෙන ජයග්රහණයන්ට ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරයා හැටියට චීන මහජන සමූහාණ්ඩ්වේ දේශපාලන නායකයින්ටත්, සමූහාණ්ඩුව පාලනය කරන චීනයේ කොමියුනිස්ට් පක්ෂයටත් ඒ වගේම චීනයේ මහජනතාවටත් ශ්‍රී ලංකාවේ උණුසුම් සුභ පැතුම් එක් කිරීමටත්, අනාගතේ තව දුරටත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා කියා ශ්‍රී ලංකා රජයත්, ශ්‍රී ලංකා ජනතාවත් වෙනුවෙන් සුභ ප්‍රාර්ථනය කරනවා.