චීන මහජන සමූහාණ්ඩුව පිහිටු‍වීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ලෝක නායකයින්ගෙන් සුභපැතුම්

2019-10-02 14:30:55
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව පිහිටු‍වීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයින්, හිටපු රාජ්‍ය නායකයින් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත සුභපැතුම් යොමු කර තිබේ.


ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් මහතා පවසන්නේ ප්‍රංශ - චීන සබඳතා සමීප මෙන්ම දිගු කාලීන වන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් දෙකක් ලෙස මානව සමාජය වෙනුවෙන් විශේෂ වගකීමක් තම රටවල් මත පැවරී ඇති බවයි.


දෙරට අතර නව මට්ටමේ සහයෝගිතා පැවැත්වීමට සූදානම් බවත්, බහුපාර්ශ්වවාදය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් මහතා සිය සුභපැතුම් පණිවුඩයෙන් දක්වා තිබේ.


ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සුභපැතුම් පණිවුඩයක් යොමු කරමින් පවසන්නේ ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත් වෙමින් චීනය විශිෂ්ට ජයග්‍රහණ ලබා ගෙන ඇති බවයි.

ද්විපාර්ශ්වීය සම්බන්ධතා සම්බන්ධයෙන් චීනය සමඟ එක්ව නව යුගයක් ආරම්භ කිරීමට ජපානය සූදානම් බව ද ඔහු පවසා ඇත.


දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මහතා චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ සුභපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඊසානදිග ආසියාවේ සහ ලෝක සාමය හා සෞභාග්‍යය වෙනුවෙන් චීනය අඛණ්ඩව දායකත්වය දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.


දකුණු කොරියා - චීන උපක්‍රමීය සබඳතාව පරිණත හා ස්ථාවර කිරීමට චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.


මී‍ට අමතරව කම්බෝජයේ Norodom Sihamoni රජු මෙන්ම සිංගප්පූරු ජනාධිපති Halimah Yacob ඇතුළු තවත් නායකයින් විශාල පිරිසක් චීන මහජන සමූහාණ්ඩුව පිහිටු‍වීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් පිරිනමා ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති