ගත වු වසර 70 තුළ චීනය විශිෂ්ට ජයග්‍රහණ ලබා ගෙන ඇති බව පාකිස්ථාන ජනාධිපති කියයි

2019-09-25 14:36:44
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි මහතා පසුගිය 23 වන දින චීන මාධ්‍ය සමඟ ඒකාබද්ධ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. තමන් බොහෝ වරක් චීනයට පැමිණ තිබෙන බවත් පසුගිය වසර 70 තුළ නව චීනයේ දියුණුව හා වෙනස්කම් දැක ඇති බවත් ඔහු සඳහන් කළා. චීන ලක්‍ෂණවලින් හෙබී සුවිශේෂී සමාජවාදී මාවතක් ඔස්සේ ගමන් කරන චීනය විදේශ ආයෝජන හා ප්‍රවීණයන් ආකර්ෂණය කර ගෙන ඇති අතර සියලුම ආයතන කාර්යක්ෂමව කටයුතු කරමින් සිටිනවා . වසර 70 ක් තුළ චීනය විවිධ ක්‍ෂේත්‍රයන්හි විශිෂ්ට ජයග්‍රහණ ලබා ගෙන ඇති බව අරිෆ් අල්වි මහතා පෙන්වා දුන්නා .

ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් චීනයේ විද්‍යා තාක්‍ෂණ ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වී ඇත. බටහිර රටවලින් ඉගෙන ගැනීමෙන් එම ක්ෂේත්‍රය දැන් බටහිර අභිබවා යමින් තිබෙන බව ඔහු කියා සිටියා.

චීන නායකයින් විසින් ඉදිරිපත් කරන ලද “එක් තීරයක් එක් මාවතක්” වැඩිපිළිවෙළ කිසිදු දේශපාලන කොන්දේසි රහිතව ඊට අදාළ රටවල යටිතල පහසුකම් සහ භාණ්ඩ වෙළඳ සංවර්ධනය ප්‍රවර්ධනය කර ඇත. ඒ අතරින් චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව ද පාකිස්තාන ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබෙන බව ඔහු හෙළි කළා.

මීට අමතරව,අරිෆ් අල්වි මහතා විශේෂයෙන් ම දෙරට අතර ඇති ගැඹුරු මිත්‍රත්වය ගැන සඳහන් කළා. චීන-පාකිස්තාන සම්බන්ධතාව මෙතරම් සමීප වන්නේ එය සමානාත්තාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ගෞරවය මත පදනම් වූ නිසා බව ඔහු අවධාරණය කළා.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ,අරිෆ් අල්වි මහතා චීන ජනතාවට අවංක සුභපැතුම් පුද කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති