අදහස්

චීනයේ රාජ්‍යතාන්ත්‍රික ශක්තිය පිළිබඳව ලොව සෙසු රටවලට නව බලාපොරොත්තුවක්

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය බෙයිජිං හිදී පැවැත්වීම තුළින්, චීනයේ  රාජ්‍යතාන්ත්‍රික ශක්තිය පිළිබඳව ලොව සෙසු රටවලට නව බලාපොරොත්තුවක් නිර්මාණය වී ඇතැයි, කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කථිකාචාරිණී මැණික් වක්කුඹුර මහත්මිය පවසයි. චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

ලෝක ආර්ථිකයේ ඉදිරිය වෙනුවෙන් චීනය පූර්වාදර්ශ සපයමින් සිටින බව දේශපාලන උප‍දේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි

කොරොනා වසංගත පාලනයෙන් පමණක් නොව ලෝක ආර්ථිකයේ ඉදිරිය වෙනුවෙන් ද චීනය පූර්වාදර්ශ සපයමින් සිටින බව දේශපාලන උප‍දේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි.

චීන ආර්ථික වර්ධනය මුළු ලෝකයටම බලපෑම් කරනු ඇත

චීන ආර්ථිකයේ වර්ධනය ශ්‍රී ලංකාව වැනි රටවලට මෙන්ම ඇමරිකාව වැනි රටවලටද බලපෑම් එල්ල කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් බාලසූරිය මහතා පවසයි. චීන මාධ්‍ය සමූහය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.