චීනයේ රාජ්‍යතාන්ත්‍රික ශක්තිය පිළිබඳව ලොව සෙසු රටවලට නව බලාපොරොත්තුවක්

2020-05-28 17:08:03
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය බෙයිජිං හිදී පැවැත්වීම තුළින්, චීනයේ රාජ්‍යතාන්ත්‍රික ශක්තිය පිළිබඳව ලොව සෙසු රටවලට නව බලාපොරොත්තුවක් නිර්මාණය වී ඇතැයි, කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කථිකාචාරිණී මැණික් වක්කුඹුර මහත්මිය පවසයි. චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

ගත වූ දශක කිහිපය තුළ චීන මහජන සමූහාණ්ඩුව ආර්ථික හා සමාජීය වශයෙන් සුවිශේෂී ප්‍රගතියක් ලබා තිබේ. චීනය ගෝලීය සහයෝගිතාවයට දක්වන දායකත්වය ද අගය කළ යුතුය. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල හරහා අන්තර් මහද්වීපික වශයෙන් චීනය දක්වන සංවර්ධන දායකත්වය ඉතා පැහැදිලිය.

විදේශ ප්‍රතිපත්තිය ලෙස “සාමකාමී නැගීම” හා අනෙකුත් රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම, තුළින් සහයෝගිතාව ගොඩනැගීමට චීනය උත්සාහ කරයි. “‍COVID-19 වසංගතය” හරහා මානව ආරක්ෂාව දැඩි තර්ජනයට ලක් වූ අවස්ථාවක චීනය කෙරෙහි ගෝලීය අවධානය යොමුව පවතී.

මෙවන් තත්වයක් යටතේ, 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය බෙයිජිං හිදී පැවැත්වීම වගකීම්, සහගත ලෙස චීනයේ සහයෝගිතා සැලසුම් ඉදිරිපත් කිරීමක් ලෙස සැලකිය හැකියි. ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, චීනයේ එම දැක්ම සැසිවාර දෙක හරහා එළි දක්වා තිබේ. COVID-19 වසංගතයෙන් පසුව චීනය ඉතා ඉක්මනින් නව තත්වයට අනුගත වී ඇති බව සැසිවාර මගින් සනාථ වී තිබේ. චීනයේ එම ශක්තිය ලොව සෙසු රටවලට සුභදායී බලාපොරොත්තුවක් ගෙන ඒමක් බව කථිකාචාරිණී මැණික් වක්කුඹුර මහත්මිය කියා සිටී.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති