ලෝක ආර්ථිකයේ ඉදිරිය වෙනුවෙන් චීනය පූර්වාදර්ශ සපයමින් සිටින බව දේශපාලන උප‍දේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි

2020-05-27 15:55:46
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වසංගත පාලනයෙන් පමණක් නොව ලෝක ආර්ථිකයේ ඉදිරිය වෙනුවෙන් ද චීනය පූර්වාදර්ශ සපයමින් සිටින බව දේශපාලන උප‍දේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. එය මෙවර චීන ජාතික මහජන කොංග්‍රසයේ සැසිවාරයෙන් පිළිඹිබු වන බවද ඇය කියා සිටී. ඇමරිකාව වැනි රාජ්‍යයන් ආර්ථිකය සම්බන්ධයෙන් මීළඟට සිදු කරන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව සිටින අවස්ථාවක චීනය තම ආර්ථිකය යළි වරක් නියම මාර්ගයට ගෙන ඇතැයිද ඇය සඳහන් කරයි. මෙවර සැසිවාරය ආරම්භයේදී චීන අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ වාර්තාව මගින් චීනය එක්සත් ජාතීන් මූලික කරගත් අන්තර් ජාතික පද්ධතියට අඛණ්ඩව අනුබල දෙන බව සඳහන කෙ‍රිණ. ඒ පිළිබඳ අදහස් දැක්වූ ශිරාණි පෙරේරා මහත්මිය පැවසුවේ චීනය ලෝක සාමුහිකත්වය පවත්වා ගෙන යාමට දරන උත්සහය ප්‍රශංසනීය මෙන්ම අගය කළ යුතු බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති