චීන ආර්ථික වර්ධනය මුළු ලෝකයටම බලපෑම් කරනු ඇත

2020-05-25 15:17:57
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ආර්ථිකයේ වර්ධනය ශ්‍රී ලංකාව වැනි රටවලට මෙන්ම ඇමරිකාව වැනි රටවලටද බලපෑම් එල්ල කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් බාලසූරිය මහතා පවසයි. චීන මාධ්‍ය සමූහය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මානව සුරක්ෂණයක් අත්පත් කරගැනීමේ අභියෝගයකට අද චීනය මෙන්ම මුළු ලෝකයම මුහුණ දී සිටී. බයෙන් නිදහස් වීම සහ අවශ්‍යතාවලින් නිදහස් වීම යනුවෙන් මානව සුරක්ෂණය කොටස් දෙකකි. වසංගත පාලනය ශක්තිමත් කර ගැනීම මෙන්ම ප්‍රජා මූලික අවශ්‍යතා සම්පාදනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙන් මානව සුරක්ෂණය අත්පත් කර ගත් හැකිය. චීනයේ 13වන ජාතික මහජන කොංග්‍රසය පැවැත්වෙන මේ කාලය තුළ මෙම අභියොග‍යන්ගෙන් චීනය මුදවා ගැනීමට සහ ජාත්‍යන්තරයේ ස්ථාවරය ගොඩ නැඟීමට දායක වන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ආචාර්ය බාලසූරිය මහතා කියා සිටී.

චීනය තමන්ගේ කර්මාන්ත පෞද්ගලිකකරණය, ලාභය උපරිම කිරීම, දරිද්‍රතාව තුරන් කිරීම යන කාරණයේදී සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත තව දුරටත් පුළුල් කිරීමට සහ ඔවුන්ට සහන ලබා දී බදු අඩු කිරීමට සැලසුම් කර ඇත. ජාත්‍යන්තර ආර්ථිකය පවතින්නේ එකිනෙකා මත යැපෙන අයුරිනි. එම නිසා චීන ආර්ථිකයේ වර්ධනය සමස්ත ලෝක ආර්ථිකයට බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔහු පවසයි. එබැවින් මේ මොහොතේ 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරය හමුවේ ගෙන ඇති නව සැලසුම් ඔස්සේ චීන ආර්ථිකය පැවති මට්ටමෙන් හෝ ඊට එහා මට්ටමකට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ආචාර්ය බාලසූරිය මහතා අවධාරණය කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති