චීන ජනාධිපතිවරයා හුබෙයි පළාතේ නියෝජිත පිරිස සමග සාකච්ඡා කිරීමට එක්වෙයි

2020-05-24 19:12:09
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා අද(24) දහවල් චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය වන 13වැනි ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේදී හුබෙයි පළාතේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවකට එක් විය.

වසංගතයෙන් පසුව හුබෙයි පලාත නැවත පණ ගැන්වීම සඳහා චීන මධ්‍යම රජය සහ මධ්‍යම රජය සතු ව්‍යවසායන් අඛණ්ඩව අනුබල ලබා දිය යුතු අතර ප්‍රතිපත්තිමය ඉහළ ප්‍රමුඛතාවය සංවර්ධන ප්‍රමුඛතාවය බවට පරිවර්තනය කළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

නව කොරොනා නියුමෝනියා වසංගතයට මුහුණ දීමේදී චීනයේ මහජන සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍ය සේවා පද්ධතිය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. වසංගත තත්ත්වයන් අධීක්ෂණය කිරීමේ හැකියාව වැඩි දියුණු කරමින් පූර්ව අනතුරු ඇඟවීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නංවා ගත යුතු අතර ප්‍රධාන වසංගත තත්ත්ව ප්‍රතිකාර පද්ධති වැඩිදියුණු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති