ප්‍රවෘත්ති

“සැසි වාර දෙක”තුළින් චීනය තවදුරටත් ආර්ථිකය දියුණු කරනු ඇතැයි ඊජිප්තු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් කියයි

චීනය “සැසි වාර දෙක” පැවැත්වීමෙන් ආර්ථිකය තවදුරටත් දියුණු කර, ගෝලීය වසංගත මර්දනයට සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව, ඊජිප්තු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා.

ද්විපාර්ශ්වික සබඳතා පැහැර ගැනීමට ඇමරිකා දේශපාලන බලවේග දරන උත්සාහය ගැන චීන විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවයි

ඇතැම් ඇමරිකානු දේශපාලන බලවේග චීන-ඇමරිකා සබඳතා ප්‍රාණ ඇපකරුවන් ලෙස භාවිත කරමින් දෙරට නව සීතල යුද්ධයක් අද්දරට තල්ලු කිරීමට උත්සාහ කිරීම පිළිබඳව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මහතා අනතුරු අඟවයි.

චීන ජනාධිපතිවරයා පවතින නව තත්වය යටතේ චීන ප්‍රතිපත්ති ඉදිරිපත් කරයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා ඊයේ (23) උදෑසන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයට එක් වන ආර්ථික ක්ෂේත්‍රයේ සාමාජිකයන් හමු විය. හෙතෙම ඔවුන් සමඟ රටේ ප්‍රතිපත්ති හා සැලැස්ම් සහ ආර්ථික වර්ධන ප්‍රවණතාව පොදුවේ සාකච්ඡා කළේය.

"එක් රටක, ක්‍රම දෙකක්" යන ප්‍රතිපත්තියට අභියෝග කරන ඕනෑම ක්‍රියාවක් ස්වයං හානියට හා දඬුවමට යටත් වනු ඇත

චීන මධ්‍යම කාරක සභාවේ හොංකොං ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානයට අභියෝග කරන ඕනෑම ක්‍රියාවක් ස්වයං හානියක් හා දඬුවමක් ලබනු ඇත.

චීන විදේශ අමාත්‍යවරයා ගෝලීය COVID-19 සටනේ වැදගත්ම දේ පිළිබඳව කතා කරයි

විවිධ රටවල ජනතාවගේ ජීවිතය හා සෞඛ්‍ය අන් කවරදාටත් වඩා සමීපව සම්බන්ධව පවතින බව COVID-19 වෙතින් ඉගෙන ගත හැකි වැදගත්ම දෙය බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

චීන ජනාධිපතිවරයා සහ ආර්ථික ක්ෂේත්‍රයේ ඒකාබද්ධ කණ්ඩායමේ සාමාජිකයන් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා අද (23) උදෑසන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයට එක් වන ආර්ථික ක්ෂේත්‍රයේ ඒකාබද්ධ කණ්ඩායමේ සාමාජිකයන් හමු විය.

ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය වැඩි කිරීමට චීනය සැලසුම් කරයි

චීන රජය ඊයේ (22) රටේ ඉහළම අධිකාරිය වන ජාතික මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාවේ පෙන්වා දුන්නේ, බාහිර පරිසරයෙහි වෙනස්කම් හමුවේ, ස්ථීර ලෙස බාහිර ලෝකයට විවෘතභාවය පුළුල් කළ යුතු අතර, කාර්මික දාමය හා සැපයුම් දාමය ස්ථාවර කිරීම, විවෘත කිරීමෙන් ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම කළ යුතු බවයි.

චීන ආර්ථික සංවර්ධනය ලෝකයට ප්‍රයෝජනවත් වනු ඇතැයි ජිනිවාහි පිහිටි දකුණු මධ්‍යස්ථාන විධායක අධ්‍යක්ෂවරයා පවසයි

වසංගත මර්දනයෙන් චීනය වැදගත් ප්‍රතිඵල ලබා ගැනීම, චීන සැසිවාර දෙක පැවැත්වීමෙන් පිළිබිඹු වන බවත්, චීන ආර්ථික පුනර්ජීවනය හා සංවර්ධනය ලෝක ආර්ථික පුනරුත්ථාපනයට ප්‍රබල ශක්තියක් ලබා දෙනු ඇති බවත් ජිනිවාහි පිහිටි දකුණු මධ්‍යස්ථාන විධායක අධ්‍යක්ෂ Carlos Correa මහතා කියා සිටියේය.

චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයේ විශාලතම ශක්තිය ජනතාවයි- ජනාධිපතිවරයා පවසයි

චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයේ විශාලතම අනුබල ශක්තිය ජනතාව යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පවසයි. අද (22) පස්වරුවේ ඇතුළු මොංගෝලියානු නියෝජිත කණ්ඩායම රාජ්‍ය කාර්ය වාර්තාව පිළිබඳව පරීක්ෂා කොට විමර්ෂණ කිරීමට එක් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.  ජනතා ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කළ යුතු අතර ජනතාවගේ බුද්ධිය හා ශක්තිය වඩා හොඳින් එකතු කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

සිය වාර්ෂික අරමුණු හා කාර්යභාර සම්පූර්ණ කිරීමේ හැකියාව චීනයට ඇත

වාර්ෂික චීන රාජ්‍ය කාර්ය වාර්තාව ආර්ථික සංවර්ධනය හා ප්‍රතිපත්තිමය ප්‍රවණතා පිළිබඳ වැදගත් දර්ශකයකි. චීන රජය අද (22) චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති 2020 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සඳහා නිශ්චිත ඉලක්කයක් නොමැත.

HomePrev1234NextEndTotal 4 pages