චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයේ විශාලතම ශක්තිය ජනතාවයි- ජනාධිපතිවරයා පවසයි

2020-05-22 21:26:25
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂ පාලනයේ විශාලතම අනුබල ශක්තිය ජනතාව යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පවසයි. අද (22) පස්වරුවේ ඇතුළු මොංගෝලියානු නියෝජිත කණ්ඩායම රාජ්‍ය කාර්ය වාර්තාව පිළිබඳව පරීක්ෂා කොට විමර්ෂණ කිරීමට එක් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ජනතා ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කළ යුතු අතර ජනතාවගේ බුද්ධිය හා ශක්තිය වඩා හොඳින් එකතු කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගෙන ප්‍රධාන ව්‍යාපෘති සංවර්ධනය ඉදිරියට ගෙන යමින් බිම් මට්ටමේ පාලන හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී පියවර හඳුන්වා දිය යුතු අතර අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මූලිකත්වය ගැනීම අවශ්‍ය බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ජනතාවට සුභ සෙත සැලසීම තමන්ගේ වැදගත්ම ජයග්‍රහණය ලෙස සැලකිය යුතු බව ‍හෙතෙම එහිදී කියා සිටියේය. චීන කොමියුනිස්ට් පක්ෂය දූෂණයට තදින්ම විරුද්ධ වන අතර ආකෘතිවාදය හා නිලධාරීවාදයට ස්ථීරව විරුද්ධ විය යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති