චීන ජනාධිපතිවරයා ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළු සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කරයි

2019-05-15 19:41:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව බෙයිජිංහිදී අද පෙරවරුවේ උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළේය. ශ්‍රී ලංකාව, කම්බෝජය, ග්‍රීසිය, සිංගප්පූරුව, ආමේනියාව යන රටවල නායකයෝ සහ රාජ්‍ය ප්‍රධානීහු, මොන්ගෝලියාවේ නායකයා මෙන්ම එක්සත් ජාතීන්ගේ යුනේස්කෝ සංවිධානය ඇතුළු ජගත් සංවිධානවල අධ්‍යක්ෂවරු එම සමුළුවට සහභාගි වෙමින් සිටිති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමාරම්භක උළෙලේදී ප්‍රකාශ කළේ මානව ජාතිය පොදු අ‍භියෝග වලට මුහුණ දීම සඳහා ආර්ථික හා තාක්ෂණ ශක්තිය අවශ්‍ය වන අතර සංස්කෘතික හා ශිෂ්ටාචාර බලවේගයන් ද අත්‍යවශ්‍ය බවයි.

ලෝක බහුධ‍්‍රැවීයකරණය, ආර්ථික ගෝලීයකරණය හා සංස්කෘතික විවිධාංගීකරණය, සමාජ තොරතුරුකරණය පුළුල් වීමෙන් බලාපොරොත්තු උදා වන අතර ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳ අස්ථාරත්වය ද පෙන්නුම් කෙරෙමින් පවතින බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව, ආසියාව හා ලෝකයේ ඒ ඒ රටවල් අතර සාධාරණ සංවාද පවත්වා අදහස් හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන පුළුල් කිරීමට මනා වේදිකාවක් බව හෙතෙම එහිදී සඳහන් කළේය.

ආසියානු ශිෂ්ටාචාරය ලෝක ශිෂ්ටාචාර සමඟ හුවමාරු කිරීම සහ අන්‍යෝන්‍ය ව හැදෑරීම ඔස්සේ බිහි වන බව ෂී ජිං පින් මහතා පැවසීය.

ආසියානු රටවලට සමාන ඉතිහාසයක් මෙන් ම සමාන සිහිනයක් සතු වෙයි. ආසියානු ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි දරන අභිලාෂයන් සැබෑ කිරීමට අපි උත්සාහ දැරිය යුතු බව හෙ‍‍තෙම පැවසීය.

සෑම ශිෂ්ටාචාරයක් ම සුන්දර උරුමයක් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද ප්‍රකාශ කළේය. එකිනෙකාට ශිෂ්ටාචාර ප්‍රීතියෙන් දැකිය හැකි ඇස් තිබුණහොත් ඒ ඒ ශිෂ්ටාචාර අතර ගැටුම් ඇති විය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

අනාගත චීනය වඩාත් විවෘත ස්වරූපයෙන් ලෝකය වැළඳ ගනිමින් වඩාත් ප්‍රාණවත් ශිෂ්ටාචාර ප්‍රගතීන් මගින් ලෝකයට දායක වනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති