මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

2019-04-30 10:30:28
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

කුඩා තක්කාලි බොහෝ චීන ජාතිකයන් ප්‍රිය කරන එළවලු වර්ගයකි. මෙම විශේෂ එළවලු වර්ගය මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල වගා කළ හැකි දැයි ප්‍රශ්න කළහොත්, සි චුවන් පළාතේ ‍බා ටං ‍කෝරළයේ එළවලු වගා හරිතාගාරවලින් ඊට පිළිතුරු සොයා ගත හැකිය.


මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

2018 වසරේ අප්‍රේල් මාසයේ ජෛව කෘෂි සංවර්ධන සමාගමක් බා ටං ‍‍කෝරළයේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය. මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි උසකින් පිහිටි ‍සොං ඩුවෝ ගම්මානයේ එළවලු වගා ආදර්ශ හරිතාගාර කලාපය ඉදි කිරීම එම ව්‍යාපෘතියේ පළමු අදියර විය. මේ වන විට ‍සොං ඩුවෝ ගම්මානයේ හරිතාගාර 51ක් ස්ථාපිත කර ඇත. පසුගිය අගෝස්තු මාසයේ එම හරිතාගාරවල පිපිඤ්ඤා, කොළ මිරිස් , වම්බටු සහ තක්කාලි ඇතුළු විවිධ වර්ගයේ එළවලු වගාවන් ආරම්භ කෙරිණ. ඒ අතරින් කුඩා තක්කාලි විශේෂ එළවලු වර්ගයක් වශයෙන් වගා කිරීම කැපී පෙනේ. ‍භූගෝලීය පිහිටීම හේතුවෙන් බා ටං ‍කෝරළයේ සරු හිරු ආලෝකය පවතින අතර දිවා හා රාත්‍රි කාල අතර විශාල උෂ්ණත්ව වෙනසක් තිබේ. ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් වගා බිම් මෙම ප්‍රදේශය ද සතුව ඇත. එබැවින්‍ සොං ඩුවෝ ගම්මානයේ හරිතාගාරවලින් නිෂ්පාදනය වූ එළවලු හා පළතුරු වඩාත් පෝෂ ගුණයෙන් හා රසබර ගතියෙන් අනූන‍ වේ. පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම හරිතාගාරවලින් කුඩා තක්කාලි ඇතුළු එළවලු වර්ග 30කට වැඩි ප්‍රමාණයක් නොකඩවා ම ප්‍රාදේශීය වෙළඳ පොලට පිවිස තිබේ. එය, සානු ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සැබෑ සෙත සැලසීමකි. එළවලු හිඟ තත්වය හා එළවලු මිළ ගණන් වැඩි වීම යන පෙර තිබූ ගැටළු මෙලෙසින් ක්‍රමයෙන් නිරාකරණය කරනු ලැබ තිබේ. එම ජනතාවට චීනයේ සෙසු පළාත්වල වැසියන් මෙන් ම නැවුම් එළවලු සාධාරණ මිළට ගැනීමට හැකි වී ඇත. මේ වන විට එම එළවලු බා ටං කෝරළයේ සාමාන්‍ය ජනතාවගේ කෑම මේසයට එක් වී ඇතුවා පමණක් නොව, ඉහළ මට්ටමේ පාරිභෝගික වෙළඳ පොලට ද පිවිසෙමින් පවතී.

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වැඩි සානු ප්‍රදේශවල කුඩා තක්කාලි වගාව

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති