චියං සි පලාතේ රේ ජින් ප්‍රදේශයේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යායාමය

2019-04-23 17:00:00
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චියං සි පලාතේ රේ ජින් ප්‍රදේශයේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යායාමය

චීනයේ Jiang xi පලාතේ Rui jin නගරය ප්‍රසිද්ධ විප්ලවකාරී තොටිල්ල ලෙසට සැලකෙනවා. ඒ, ඓතිහාසිකත්වය හේතුවෙන්. එම ප්‍රදේශය ගෙවී ගිය දිගු කාලය තුළ දිළිඳුකමට ලක් වුනා. මෑත වසර කිහිපය තුළ Rui jin ප්‍ර‍දේශය දිළිඳුකම පිටු දැකීමේ ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමෙන් කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන තියෙනවා. පසුගිය වසරේ සිට එහි වැසියන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා.


චියං සි පලාතේ රේ ජින් ප්‍රදේශයේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යායාමය


Rui jin නගරයේ Shan qi ගම්මානය ආදර්ශ දිළිඳු ගම්මානයක්. 2015 වසරේ එම ගම්මානයේ සමස්ත ජනගහණයෙන් එක් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම් යුවාන් 4350ක් පමණයි. ගම්මානයට රජයෙන් බෙදා දූන් සහනාධාර මුදල් හැරෙන්නට කිසිදු ආර්ථික ආදායමක් නැහැ. එහි වැසින්ගේ ආදායම් වැඩි කිරීම සඳහා ගම්මානය Zhong xing කෘෂිකර්මය සහ Weisheng වැල්දොඩම් යනාදී කෘෂිකර්ම ව්‍යාපාර ආකර්ෂණය කර හෙක්ටයාර 33ක හරිතාගාර එළවළු සහ වැලිදොඩම් වගා බිම් සංවර්ධනය කොට තියෙනවා. එම ව්‍යාපාර ගොවියන්ට එළවළු වගාව පිළිබඳ තාක්ෂණ හා කෘෂිකර්ම පහසුකම් සපයා දී තිබෙනවා. ඉන් පසු ව්‍යාපාර රක්ෂණය කළ හැකි අයුරින් එළවළු ආපසු මිලටගැනීම සිදු කළා.


චියං සි පලාතේ රේ ජින් ප්‍රදේශයේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යායාමය


වසර කිහිපයක සංවර්ධනයෙන් ගම්මානය සුන්දර වෙලා තියෙනවා. එවගේම ග්‍රාමීය ශිෂ්ඨාචාරත්මක මට්ටම ඉහළ නංවාලීමට සමත් වී තියෙනවා. එහි යටිතල පහසුකම් පරිසමාප්ත වී වැසියන්ගේ ජීවිතය යහපත් වී තියෙනවා.

Rui jin නාගරික දිළිඳුකම පිටුදැකීමේ කාර්යාල අධ්‍යක්ෂ Zeng Neng මහතා පැවසුවේ, දිළිඳුකමෙන් මුදවා ගැනීමෙන් අනතුරුව අදාළ විවිධ කටයුතු තවදුරටත් තහවුරු කරමින් වැසියන්ගේ ආදායම් ස්ථීරව වර්ධනයවීම හා ග්‍රාමීය දර්ශන අඛණ්ඩව යහපත්වීම සහතික කරනු ඇති බවයි.


චියං සි පලාතේ රේ ජින් ප්‍රදේශයේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යායාමය


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති