විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි

2018-03-20 15:01:28
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජාත්‍යන්තර වශයෙන් චීනය ක්‍රියාත්මක කරන විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බව චින අග්‍රාමාත්‍යවරයා පවසයි.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා අද (20) බෙයිජිංහිදී දෙස්-විදෙස් මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ගෙවි ගිය වසර 40ක් තුළ චීනය ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවලින් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණ තම රට ක්‍රියාත්මක කරන විවෘතභාවය හා සම්බන්ධ  බවයි.

නිදහස් වෙළඳාම අඛණ්ඩ ලෙස ආරක්ෂා කරමින් විවෘතභාවය තවදුරටත් පුළුල් කිරීමට චීනය දායක වෙයි.

මේ අනුව, ආනයන භාණ්ඩවල තීරු බදු තවදුරටත් අඩු කෙරේ. වියපත් අය නඩත්තු කිරීම, වෛද්‍ය, මූල්‍ය යනාදී සේවා ක්ෂේත්‍රවල චීන වෙළඳපලට පිවිසීමේ ප්‍රමිතීන් ලිහිල් කිරීමට පියවර ගැනේ. එමෙන් ම, නිෂ්පාදන කර්මාන්තය ද සම්පූර්ණයෙන් ම විවෘත වනු ඇති බව ද චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ප්‍රකාශ කර ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති