චීනය කවර අයුරකින් හෝ ව්‍යාප්තවාදය අනුගමනය නොකරන බව අවධාරණය කෙරේ

2018-03-20 14:04:21
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය කිසිඳු අවස්ථාවක ව්‍යාප්තවාදය අනුගමනය නොකරන බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

තම කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම කෙරෙහි පමණක් චීනය අවධානය යොමු කරන බව අද පැවති දෙස් විදෙස් මාධ්‍ය හමුවකදී චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ප්‍රකාශ කළේය. චීනය ඉදිරියේදී ප්‍රබලත්වයට පත් වුවද ආධිපත්‍යය ක්‍රියාදාමයකට ප්‍රවේශ නොවන බවත් අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණ සහ අන්‍යෝන්‍ය යහපත පදනම්ව ඒ ඒ රටවල් සමග සබඳතා ගොඩනගන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

චීනය ජාත්‍යන්තර සහයෝගය පවත්වන්නේ වෙළඳ පොළේ විධිවිධානයන්ටත් වෙළඳ ගනුදෙනු මූලධර්මයන්ටත් අනුකූල ආකාරයට ය. එක් තීරයක් එක් මාවතක් යෝජනාව ක්‍රියාවට නංවන්නේ පොදු සාකච්ඡා පොදු සංවර්ධන හා පොදු භාවිත අරමුණින් යුතුව ය. චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් විශේෂයෙන් ම නොදියුණු රටවල් වෙනුවෙන් සහය ලබා දෙන්නේ  තම හැකියාව මත කිසිදු දේශපාලන කොන්දේසියන්ගෙන් රහිතව බව ද ලී ක ච්‍යාං මහතා අවධාරණය කළේය. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් චීනය තමා භාර ගත යුතු මෙන්ම දැරිය හැකි වගකීම් වෙනුවෙන් ක්‍රියා කරයි. එය දේශපාලන ව්‍යාප්තියක් ලෙසට සැලකීම අනවබෝධයක් බව ද හෙතෙම පැවසීය. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති