චීනයේ නව රාජ්‍ය නායකයාට එතෙර චීන ජනතාවගේ පූර්ණ අනුබලය

2018-03-19 17:10:20
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ නව රාජ්‍ය නායකයාගේ ප්‍රමුඛත්වයෙන් නව ගමනාන්තයක් වෙත ගමන් කිරීමට එතෙර චීන ජනතාව අපේක්ෂා කරති.

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ පැවති ඡන්ද විමසී‍මේදී ෂී‍ ජින් පිං මහතා ඒකමතිකව චීන ජනාධිපති හා මධ්‍යම යුධ කමිටු සභාපති ධුරයට තේරී පත් විය. එතෙර චීන ජනතාව නව රාජ්‍ය නායකයා වෙනුවෙන් ස්ථිර අනුබල දෙන බව ප්‍රකාශ කර සිටිති. චීන ජනතාව මෙම නායකත්වය යටතේ සුබ සෙත සමාජයක් බිහි කිරීමටත් සමාජවාදී නූතනකරණය සම්පූර්ණයෙන් ම ඉදිරියට ගෙන යාමටත් හැකි වනු ඇතැයි  විශ්වාස කරන බව ඔවුහු සඳහන් කරති.

ගෙවී ගිය වසර පහ තුළ, චීන‍ය දැවැන්ත ප්‍රතිසංස්කරණ සිදු කර ඉතිහාසයේ විසඳා ගත නොහැකි ප්‍රශ්න අභිබවා යමින් ලෝක ජනතාවගේ ප්‍රශංසාවට ලක් ව තිබේ. චීනයේ නව රාජ්‍ය නායකයා කෙරෙහි පූර්ණ විශ්වාස තබන බව රුසියාවේ එතෙර චීන යෞවන ඒකාබද්ධ සංගමයේ අධ්‍යක්ෂවරයා පැවසීය.

ශක්තිමත් නායකත්වයකින් මහ ජනතා එකමුතුවෙන් රටේ සංවර්ධනය කිරීම චීනය ලෝ සුපතළ ජයග්‍රහණයන් අත් කර ගැනීමේ ප්‍රධාන හේතුව බව ඇමරිකාවේ සිටින එතෙර චීන ජනතා නියෝජිත ෆන්ග් ලී බන් චින් මහත්මිය පැවසුවාය. නව රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් චීනය වි‍ශිෂ්ඨ නව චාරිකාවක් වෙත ගමන් කළ හැකි බවට ඇය විශ්වාස පළ කළා ය. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති