චීන රාජ්‍ය මණ්ඩල උප අග්‍රාමාත්‍යවරු හා එහි සාමාජිකයෝ තෝරා ගැනෙති

2018-03-19 16:26:37
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන රාජ්‍ය මණ්ඩල උප අග්‍රාමාත්‍යවරු හා එහි සාමාජිකයෝ තෝරා ගැනෙති

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ 7වැනි පූර්ණ සැසිය අද (19) බෙයිජිංහිදී ඡන්ද විමසීමක් මගින් Han Zheng, Sun Chun lan, Hu Chun hua සහ Liu He චීන රාජ්‍ය මණ්ඩල උප අග්‍රාමාත්‍යවරුන් ලෙසට පත් කිරීමට තීරණය කර තිබේ. එම අවස්ථාවේදී Wei Feng he,Wang Yong, Wang Yi,Xiao Jie සහ Zhao Ke zhi රාජ්‍ය මණ්ඩල සාමාජිකයින් ලෙසට තේරී පත් විය.

එහිදී චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ඉදිරිපත් කළ  නම්  යෝජනාවට අනුව ඡන්ද විමසීමෙන් චීන රාජ්‍ය මණ්ඩල විවිධ අමාත්‍යාංශවල ඇමතිවරුන්, කොමිෂන්වල අධ්‍යක්ෂවරුන්, චීන මහජන බැංකු අධිපතිවරයා, විගණන පරිපාලන සභාපතිවරයා සහ රාජ්‍ය මණ්ඩල මහලේකම්වරයා තෝරා ගැනීමටද තීරණය කෙරිණ.

ඉන් අනතුරුව ෂී ජින් පිං මහතා අංක 2 ජනාධිපති නියෝගයට අත්සන් තබමින් රාජ්‍ය මණ්ඩල උප අග්‍රාමාත්‍යවරුන් හා සාමාජිකයින් එම ධූරයන්ට පත් කර ඇත.

එම සැසියෙන් අනතුරුව උප අග්‍රාමාත්‍යවරු හා රාජ්‍ය මණ්ඩල සාමාජිකයෝ චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දූන්හ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති