විවිධ මට්ටමේ නිළධාරින්ට දේශපාලන සදාචාරයක් පැවතිය යුතු බව චීන ජනපති පවසයි(1/3)

2018-03-11 19:08:15
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/3
13 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේදී චීනයේ චොං චින් නියෝජිත කණ්ඩායම රැස් වෙමින් අදහස් හුවමාරු කළහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් විය. චොං චින් හී නිළධාරින් හා මහ ජනතාව සමගි වී ප්‍රදේශය සංවර්ධනය කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ජීවිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය. විවිධ මට්ටමේ නිළධාරින් තමන්ගේ නායකත්ව වගකීම් හා ආදර්ශ කාර්යභාරය දැරිය යුතු ය. නිළධාරින්‍ තමන්ගේ සදාචාර සංවර්ධනය සහ ජනතාවට සේවය කිරීමේ චින්තනය ශක්තිමත් කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය

ප්‍රතිචාර දක්වන්න