චීනය ජාත්‍යන්තර මූල්‍යකරණ සහයෝගතා මධ්‍යස්ථානය ස්ථාපිත කරමින් සිටී

2018-03-07 16:41:22
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය ජාත්‍යන්තර මූල්‍යකරණ සහයෝගතා මධ්‍යස්ථානය ස්ථාපිත කරමින් සිටී

චීන උප මුදල් ඇමති Shi Yao bin මහතා බෙයිජිංහි පැවති 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයට අදාළ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. එම මධ්‍යස්ථානය “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනය ඉදිරියට ගෙන යෑම සඳහා ස්ථාපිත කරන බවද හෙතෙම සඳහන් කළේ ය.

මූල්‍යකරණ උපදෙස් මූලධර්මය හා සහයෝගතා අවබෝධත්මක ප්‍රකාශනය යන රාමුව යටතේ දීර්ඝ කාලීන, තිරසර, අඛණ්ඩ හා අනතුරු පාලනය කළ හැකි විවිධාංගිත මූල්‍යකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ක චීනය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

එමෙන්ම බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික තීරු බදු සාකච්ඡා සහ නිදහස් වෙළඳ කලාපීය සංවර්ධනය අඛණ්ඩ ලෙස ඉදිරියට මෙහෙයවනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති