චීන රාජ්‍ය කාර්ය වාර්තාව ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට යොමු වෙයි

2018-03-06 18:03:51
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා 5වැනිදා 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරය වෙත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේ ය. ගෙවී ගිය වසර පහ තුළ චීන රජය කළ කාර්යයන් මෙන්ම මෙම වසරේ රාජකාරී වැඩකටයුතු පිළිබඳ යෝජනාව ඊට ඇතුළත් විය. ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු ව තිබේ. එම වාර්තාව චීනය චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ චින්තනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියා සැලැස්මක් බව‍ට විවිධ රටවල මාධ්‍ය අදහස් දක්වා ඇත.

චීනය “වසර සීයක අරමුණු දෙකක්”ඉටු කිරීමට චීන ආර්ථික තිරසර වර්ධනය ඉතා වැදගත් බව බ්‍රිතාන්‍ය Reuters ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබේ.

චීන විවෘතභාව ප්‍රතිපත්ති විශේෂයෙන් විදේශ ආයෝජන ස්ථීර වර්ධනය පෙළඹවීම සම්බන්ධ විධිවිධාන පිළිබඳව රුසියානු Rossiya Segodnya ප්‍රවෘත්ති ඒජන්සිය අවධානය යොමු කර ඇත.

ජපාන ප්‍රධාන මාධ්‍ය 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරය ආරම්භ වීම සහ රාජ්‍ය කාර්ය වාර්තාව පිළිබඳව වාර්තා කර තිබේ. ජපාන Kyodo ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ, චීන ආර්ථික වර්ධනය අධිවෙගී වර්ධනයක සිට අධි ගුණත්මක වර්ධනයක් වෙත පරිවර්තනය කොට තිබෙන බවයි.

චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරි වසරේ චීන ආර්ථික වර්ධනය හා ප්‍රතිසංස්කරණය අවබෝධ කර ගැනීමේ වැදගත් කවුළුවක් බව ඔස්ට්‍රේලියානු Financial Review පුවත්පත පවසා ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති