මෙම වසරේ ඉලක්කගත සියය‍‍ට 6.5 ආර්ථික වර්ධනය ළඟා කර ගත හැකි බවට චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරන කොමිසම විශ්වාසය පළ කරයි

2018-03-06 14:25:10
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙම වසරේ ඉලක්කගත සියය‍‍ට 6.5 ආර්ථික වර්ධනය ළඟා කර ගත හැකි බවට චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරන කොමිසම විශ්වාසය පළ කරයි

මෙම වස‍රේ රාජ්‍ය කාර්ය වාර්තාවේ එම ඉලක්කය සඳහන් කර ඇත. මෙම‍ ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීමේදී දේශීය පරිභෝජනය ආර්ථික සංවර්ධනයේ ප්‍රබල ගාමක බලවේගය බවට පත්වනු ඇතැයි අපේක්ෂිතය. සියයට 6.5 ක ඉලක්කය සපුරා ගැනීමට උපරිම ලෙස ක්‍රියා කිරීමෙන් හැකිවනු ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරන කොමිසමේ ප්‍රධානියා සඳහන් කළේය. කර්මාන්ත හා නවීන සේවා වර්ධනය වීමෙන් පරිභෝජනය මෙම වසරේ ආර්ථික වර්ධනයෙන් සියයට 60කට දායකත්වය ලබා දෙනු ඇතැයිද හෙතෙම පැවසීය.13වන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය‍ට පරිබාහිරව පැවති මාධ්‍ය හමුවක් අමතමින් චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරන කොමිසමේ ප්‍රධානී He Lifeng මහතා මේ බව සඳහන් කළේය.‍ විදේශ වෙළඳාමද මෙම වසරේ ස්ථාවර ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති