චීනයේ පක්ෂ පද්ධතිය මානව දේශපාලන ශිෂ්ඨාචාරයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පවසයි

2018-03-05 18:38:32
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ පක්ෂ පද්ධතිය මානව දේශපාලන ශිෂ්ඨාචාරයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පවසයි

චින දේශභූමිය තුළ නව ආකාරයේ පක්ෂ ක්‍රමයක් වර්ධන වෙමින් පවතින බව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ පළමුවැනි සැසිවාරයේදී ඒකාබද්ධ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පැවසීය. මෙ‍ම සාකච්ඡාව සඳහා චීන ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ සහ චීන චි ගොන්ග් පක්ෂයේ දේශපාලන උපදේශකයෝ එක්වූහ. ඊ‍ට අමතරව නිර්පාක්ෂික නියෝජිතයන් මෙන්ම විදේශයන්හී සිට යළි චීනයට පැමිණි පාර්ශව නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්විය. මෙම ක්‍රමය අලුත් ක්‍රමයක් බවට පත්ව ඇත්තේ මාක්ස්වාදී දේශපාලන පක්ෂ න්‍යායන් චීන යථාර්තයන්, විස්තෘතයන් සහ දිගු කාලීනව ජනතාවගේ සහ සියළු ජනවර්ගවල  මූලික අභිලාෂයන්  සමඟ එකතු කර ඔවුන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම නිසා බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති