13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 1 වන සැසියට සියල්ල සූදානම්

2018-03-03 15:50:07
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 1 වන සැසිය පිළිබඳ සූදානම් කටයුතු සම්පූර්ණ වෙයි.

එම සැසියට එක් වන බෙයිජිං අගනුවරට බාහිරව සිටින සියළුම නියෝජිත කණ්ඩායම් මේ වන විට බෙයිජිං නගරයට ළඟා වී ඇත. 

ඔවුන්ගේ නවාතැන්, ආහාර පාන සැපයුම්, මෝටර් රථ, රැස්වීම් කාමර වැනි පහසුකම් සූදානම් කර තිබේ. පැවැත්වූ සැසිවාර මෙන්ම මෙවර සැසිය චාම්, ප්‍රායෝගික, පිරිමැසුම් ආකාරයට මෙන් දැඩි විනයානුකූලව පැවැත්වෙනු ඇත. ‍එළඹෙන 5 වැනිදා ඇරඹෙන මෙම සැසියට නියෝජිතවරුන් 3000 දෙනෙකු සහභාගි වීමට නියමිත ව තිබේ.

මේ අතර මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයට පහසුකම් සලසා දීම සඳහා සැසිවාරය තුළදී නියෝජිතවරුන් භාවිත කරන පිවිසුම් මාර්ගයන්හි සාමූහික මාධ්‍ය හමු සංවිධාන කිරීමට සැරසේ. චීන ජාතික මහජන ‍කොංග්‍රස සැසිවාර ඉතිහාසයේ මෙවැනි මාධ්‍ය හමු සංවිධාන කෙරෙන්නේ පළමු වරටයි.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති