චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වන ජාතික කමිටුවේ 1 වැනි සැසිය හෙට

2018-03-02 19:34:45
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දේශපාලන උපදේශක සභාවේ 13 වන ජාතික කමිටුවේ 1 වැනි සැසිය හෙට(3) සිට ලබන 15 වැනිදා දක්වා බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතය.

  එම සැසියේ න්‍යාය පත්‍රය පිළිබඳ ව සැසියේ මාධ්‍ය ප්‍රකාශක වං ගෝචිං මහතා අද(2) බෙයිජිං මහජන මහ ශාලාවේදී දෙස් විදෙස් මාධ්‍යයන් වෙත විස්තර කළේය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වන ජාතික කමිටුවේ 1 වැනි සැසිය හෙට

මෙවර චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිය එහි ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාවට සහ  රාජ්‍ය කාර්ය වාර්තාවට සවන් දී ඒවා පරීක්ෂා කිරීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත යෝජනාවලිය ඇතුළු කෙටුම්පත් පිළිබඳව සාකච්ඡා කෙරේ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සමුළු වැඩසටහනේ සංශෝධිත කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර එය සම්මත කර ගැනීමට නියමිතව ඇත. මේ අතර චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වන ජාතික කමිටුවේ සභාපතිවරයා, උප සභාපතිවරයා මහලේකම්වරයා සහ ස්ථාවර සාමාජිකයින් තෝරා පත් ‍කිරීමට ද නියමිතව තිබේ.


චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වන ජාතික කමිටුවේ 1 වැනි සැසිය හෙට

මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයට පහසුකම් සලසා දීම සඳහා චීන මහජන දේශපලන උපදේශක සභාවේ සාමාජිකයන් සැසිවාර පැවැත්වෙන ස්ථානවල භාවිත කරන පිවිසුම් මාර්ගයන්හි සාමූහික මාධ්‍ය හමු අවස්ථා 3ක් සංවිධාන කිරීමට සැරසෙන බව වං ගෝචිං මහතා හෙළි කළේය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වන ජාතික කමිටුවේ 1 වැනි සැසිය හෙට


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති