චීනයේ වැදගත් සැසිවාර දෙකට අදාළ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ

2018-02-28 14:48:44
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ලබන මාසයේ චීනයේ පැවැත්වෙන වැදගත් සැසිවාර දෙකක් සඳහා වන මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ.

ඒ, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කොමිසමේ පළමුවැනි සැසිය හා 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසියයි.

ලබන 3 වැනි දා හා 5 වැනි දා එම සැසිවාර දෙක බෙයිජිංහිදී වෙන් වෙන් ව ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ වන විට දෙස්-විදෙස් වාර්තාකරුවන් 3000ට අධික පිරිසක් ඒ සඳහා අයදුම් කර ඇති බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නිලධාරියෙක් පැවසීය.

වාර්ෂිකව පැවැත්වෙන මෙම සැසිවාර දෙකේදී ‘ඇමති කොරිඩෝව’ අවධානයට ලක් වී ඇති කාරණාවකි.

‍මෙවර සැසිවාර දෙකට සහභාගී වන පිරිසට පුළුල් ලෙස අදහස් දැක්වීම සඳහා ‘නියෝජිතවරුන්ගේ කොරිඩෝව ’ ප්‍රථම වරට ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති