චීනයේ ප්‍රතිසංස්කරණ ලෝකයට ආදර්ශයක්

2018-03-19 18:45:43
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීනයේ ප්‍රතිසංස්කරණ ලෝකයට ආදර්ශයක්



13 වැනි චීන ජාතික මහජන කොංග්‍ර‍සයේ වැදගත්කම පැහැදිලි කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නිතිඥ විශාඛා සුරියබණ්ඩාර මහත්මිය

 

මෙම ප්‍රධාන සැසිවාර දෙක යම් ආකාරයකට ලෝකයට ම බලපෑම් කිරීමට සමත්වූ සැසිවාර දෙකක්. ඊට හේතුව මුළු ලෝකයේ ම අවධානය දිනා ගැනීමට චීනයට හැකි වෙලා තිබෙනවා. චීනය මෙලෙස ලෝකයේ අවධානය දිනාගෙන තිබෙන්නේ ඇයි? ඒ තමයි චීනය විවිධ ක්ෂේත්‍රවලින් ලබාගෙන තිබෙන ජයග්‍රහණ. චීන ජනාධිපති ෂි ජින් පිං මහතාගේ නායකත්වයෙන් චීනය ආර්ථික අතින් ශක්තිමත් වෙලා තිබෙනවා.

ඇතැම් විචාරකයින් පවසන ආකාරයට චීනය සැඟවුනු මකරාගේ තත්වය පෙන්වන නිසා චීනය තම සැබෑ ආර්ථික ශක්තිය ලෝකයට පෙන්වන්නේ නැද්ද කියලා ප්‍රශ්න කරනවා. අද ලෝකයේ ඉතා බලසම්පන්න රාජ්‍යයක් විදිහටත් කලාපීය බලවත් රාජ්‍යයක් විදිහටත් අපිට සතුටු වෙන්න පුළුවන් චීනය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව.

අනෙක් කාරණය තමයි ලෝකයේ කොමියුනිස්ට් රාජ්‍යයන් දියවීමේ තත්වය තුළ චීනය කොමියුනිස්ට් රාජ්‍යයන් තුළ දැවැන්තයෙක් ලෙස හිස ඔසවමින් සිටිනවා. චීනය මේ වනවිට විවෘත මාවතට යොමු වී තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පමණක් නොවෙයි ආයෝජනයන් සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති ලිහිල් කරලා. ඔවුන් ඒ තුළ ලබාගෙන ඇති ආර්ථික වර්ධනය සුවිශේෂී වුවක්. ඒ වගේම චීන ජනතාවගෙන් බිලියන ගණනක් දිළිදු භාවයෙන් මුදවා ගැනීමට රජය සමත්ව තිබෙනවා. ඒ, ජාතික ප්‍රතිපත්තියක් දියත් කිරීම තුළින් ඔවුන් ලබාගත් ප්‍රතිඑල අනුව.

චීනය ලෝකය සමඟ ගනුදෙනු කරන ආකාරය ද සලකා බැලිය යුතුයි. විශේෂයෙන් නිශේධ බලය භාවිත කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඔවුන් ඉතාමත් තුලනාත්මක හා සුවිශේෂි විදිහට ස්වකීය බලය ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඉතින් මේ සියල්ල බලන විට ආරක්ෂාව සම්බන්ධයෙන් වගේම බල තුලනයේ ප්‍රධාන භූමිකාවක් වශයෙන් චීනය ඉතා සුවිශේෂී භූමිකාවක් නිරූපණය කරනවා.

අනෙක් අතට චීනය මේ වනවිට ක්‍රියාත්මක කරන ඇතැම් ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාව වැනි රටවලට බටහිර රටවල් සමග ගනුදෙනු කිරී‍මේදී මුහුණ දෙන ගැටළු වෙනසකට ලක්වෙලා තිබෙනවා. චීනය නිහඬ මකරාගේ කාර්යභාරය ඉතා සුක්ෂම ලෙස ක්‍රියාත්මක කරනවා. එම නිසා 1978 සිට චීනය ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ලෝකයට ආදර්ශයක් සැපයීමට සමත් වෙලා තිබෙනවා. ඒ වගේම සමස්ත චීනයේ ම දියුණුවට එම ප්‍රතිසංස්කරණ බලපා තිබෙන බවත් කියන්න ඕන.

එහිදී චීන ජනාධිපතිවරයාගේ භූමිකාවත් වැදගත්. ඔහුගේ දැඩි එහෙත් ලිහිල් හා ප්‍රතිපත්තිමය තීරණ චීනය සැබෑ වෙනසක් කිරීම සඳහා දායක වෙලා තියෙනවා. එම නිසා චීනය වර්තමානයේත්, අනාගතයේත් බල තුලනය කරන්නා ලෙස ප්‍රකාශ කරන්නට පුළුවන්.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති