මෙවර සැසිවාර චීනය නව යුගයකට පිවි‍සීමේ හැරවුම් ලක්ෂයක්

2018-03-14 15:51:07
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙවර සැසිවාර චීනය නව යුගයකට පිවි‍සීමේ හැරවුම් ලක්ෂයක්

චීනයේ මේ දිනවල පැවැත්වෙන වැදගත් සැසිවාර දෙක පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා

 

චීනය 1978 ආරම්භ කරනු ලැබූ ප්‍රතිසංස්කරණ සහ ලොවට විවෘත වීමේ සාර්ථක උපායමාර්ගය ගත වූ වසර 40 තුළ ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගෙන ගොස් තියෙනවා. ඒ වගේ ම මේ කාල වකවානුව චීනය ජයග්‍රහණයන් රාශියක් ලබමින් සිටින අවස්ථාවක්. එම නිසා 1978 හැරවුම් ලක්ෂය වගේම මට පෙනෙනවා ඉදිරි වැඩපිළිවෙල ඒ කියන්නේ 2049 දක්වා වූ දිර්ඝ කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන වශයෙන් අඛණ්ඩව යන වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. චීනය නව යුගයකට පිවි‍සීමේ ක්‍රියාමාර්ගයක් ව‍ශයෙන් තමයි මම එය දකින්නේ. මෙය 1978 හැරවුම් ලක්ෂය වගේම තවත් හැරවුම් ලක්ෂයක්. විශේෂයෙන්ම චීනය අද ආර්ථික වශයෙන් දෙවැනි ලෝක බලවතා බවට පත් වූ අවස්ථාවේ තමන් හමුවේ ඇති ‍අභියෝගයන්, ජාත්‍යන්තර අභියෝගයන් මෙන්ම ජාතික අභියෝගයන් රාශීයක් තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂය මේ අභියෝගයන් තමන්ට වාසි වන ආකාරයට හරවා ගන්නවා. ඉතින් ඒ අවස්ථාවන් වලට හරවා ගැනීමේදී චීන ජනතාවට පමණක් නොවෙයි ලොව සෙසු ජනතාවටත් වාසි ලබා ගන්නා ආකාරයට තමන්ගේ උපාය මාර්ග සකස් කරලා තියෙන බව පේනවා.

දරිද්‍රතාව ගැන හිතන්න. පළමු වතාවට චීන ඉතිහාසයේ දරිද්‍රතාවය මුලුමනින්ම උපුටා දැමීමේ සාර්ථක වැඩපිළිවෙල 2020 වනවිට නිම කිරීමට චීන රජය බලාපොරොත්තු වනවා. මෙන්න මේක  චීන ජනතාවගේ, චීන ජනතාවට නායකත්වය දෙන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික කාර්යභාරයක්. නව සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව තමයි මේ වැඩපිළි‍වෙළ ඉදිරියට අරගෙන යන්නේ 2049 වනවිට. ඉතින් මේ වැඩපිළිවෙළ එක පැත්තකින් ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමටත්, අභ්‍යන්තර අභියෝගයන්ට මුහුණ දෙමින් ජනතාව වෙත වඩාත් ප්‍රයෝජන, ලාභ, තමන්ගේ ජීවන තත්වයන් නංවාලීමටත් හේතු වෙනවා.

මෙවර කාර්ය වාර්තාවෙන් චීනයේ ආරක්ෂක වියදම් වැඩි කරලා තියෙනවා ද කියන එක බැලිය යුත්තේ සාපේක්ෂව. විශාල ජනගහනයක් සිටින චීනය වගේ රටකට චීනය ලබාගෙන තිබෙන ජාතික ශක්තිය, ඒ වගේම ජාත්‍යන්තර කීර්තිය අනුව බැලු විට ආරක්ෂක වියදම් වැඩි කිරීම එතරම් ප්‍රමාණවත් කාරණයක් හැටියට සලකන්න බැහැ. මොකද සාපේක්ෂ වශයෙන් අනෙක් රටවල ප්‍රතිශතය ඊට වඩා වැඩියි.  එම නිසා රට විශාල වෙන කොට වැඩි කරන මුදල් ප්‍රමාණය වැඩි කළාට සාපේක්ෂව බැලු වි‍ට තමන් වෙත අලුතින් පැවරෙන ජාත්‍යන්තර වගේම ජාතික වගකීම් බලන කොට ඔවුන් ආරක්ෂක වියදම් ඉතාමත් අවම මට්ටමක තබාගෙන තමයි කටයුතු කරන්නේ.

ඉතින් කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි නියෝජිත සම්මේලනයේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීමේ අවධියට පත් වෙලා තිබෙන අවස්ථාවේ එය ජාතික මහජන කොංග්‍රසය හරහා නීති සම්පාදනය කෙරෙන අවස්ථාවේ අවශ්‍ය ව්‍යවස්ථා සං‍ශෝධන කරමින් මේ ආර්ථික උපාය මාර්ගයන් ඉදිරියට ගෙන යාමට ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය කරන්නේ චීන ඉතිහාසයේ දැවැන්ත කාර්යභාරයක්. මිනිස් ඉතිහාසයේ මෙවැන්නක් අපි අහලා නැහැ. වාර්තා වෙලා නැහැ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්වරුන් වන අපිටත් මේක මහත් ආස්වාදයක්, ධෛර්යයක්. මේ අවස්ථාවේ චීන කොමියුනිස්ට් පක්ෂයට අපි සහෝදරාත්මකව සුභපතනවා ඔවුන්ගේ කාර්යභාරයන් සාර්ථක වේවායි කියලා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති