මෙම සමුළු දෙක චීන දේශපාලනයේ විනිවිද භාවය පෙන්වන කැඩපතක්

2018-03-14 15:38:56
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙම සමුළු දෙක චීන දේශපාලනයේ විනිවිද භාවය පෙන්වන කැඩපතක්

මෙම සමුළු දෙක චීන දේශපාලනයේ විනිවිද භාවය පෙන්වන කැඩපතක්



චීනයේ බෙයිජිං නුවර මේ දිනවල පැවැත්වෙන වැදගත් සැසිවාර දෙකෙහි මාධ්‍ය ආවරණ කටයුතු වල නිරත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර මහතා  සමුළු දෙක සම්බන්ධයෙන් දැක්වු අදහස්

 

මෙම සැසිවාර දෙක මම දකින්නේ චීන දේශපාලනයේ විනිවිද භාවය පෙන්වන කැඩපතක් හැටියට. මෙවැනි සමුළු දැක ගන්නට ලැබීමත් අපිට වාසනාවක්. රටවල් 50 ට වැඩි සංඛ්‍යාවකින් පැමිණි විවිධ ජනමාධ්‍යවේදීන් මෙම දේශපාලන ක්‍රියාවලිය පුදුම සතුටකින් අනුමත කරනවා. ඔවුන් තමන්ගේ රටවල දේශපාලන පසුබිමත් සමඟ නිතරම සම්බන්ධ කරමින් කථා කරනවා.

උගතුන්, වෘත්තිකයින් වගේම විවිධ ජන කණ්ඩායම්, පක්ෂ සාමාජිකයින්, පක්ෂ නොවන ආදී වශයෙන් රටම නියෝජනය වන පරිදි එකතු වෙලා රට සංවර්ධනය කිරීම ගැන සාකච්ඡා කිරීම ඉතාම අනර්ගයි. චීනය, විවිධත්වය තුළින් එක්සත් වීමේ පාඩම මුළු ලෝකයට ම කියලා දෙන ක්‍රියාවලියක් තමයි මේ සමුළු දෙක කියන එකයි මගේ හැඟීම.සාකච්ඡාවෙන් සම්මුතියකට පැමිණීම අගය කරන්නට ඕන. සාකච්ඡාවෙන් සම්මුතිකට පැමිනීමට හැකි වීම, එයින් ආර්ථිකය ගොඩ නගන්නට හැකි බව මේ සමුළු හරහා ශක්තිමත්ව ලෝකයට පෙන්වනවා කියලා මට හිතෙනවා. දේශපාලඥයන් පිළිබද තිබිය යුතු විනිවිද භාවය පිළිබදව මෙයින් ලෝකයට මනා ආදර්ශයක් දෙනවා.

මේ සංවර්ධන සාකච්ඡා ජන මාධ්‍යයට විවෘත කිරීම හරහා ගන්නා ක්‍රියාමර්ගවල විනිවිද බවත් ඇත්තට ම තහවුරු වෙනවා. විදෙස් මාධ්‍යවේදීන් 1000 ට අධික පිරිසක් මේ  සමුළු ආවරණය සඳහා සහභාගී වී සිටිනවා. ඒ ජනමාධ්‍යවේදීන්ට දෙන පහසුකම් ඉතා අනර්ගයි. ගරු සැලකිලි වගේම තාක්ෂණික පහසුකම් සැපයීමේදී යම් යම් දෝෂ ඇති වූ අවස්ථාවන් වලදී චීන මිතුරන් මාධ්‍යවේදීන් අසලට පැමිණ දක්වන සැලකිලි ඉතා වැදගත්. මට හිතෙනවා චීනය ලෝකයේ ජනතාව අතර මිත්‍රශීලිකම දැඩිව ම තිබෙන පිරිසක් ඉන්න රටක් කියලා. ඒ වගේම චීන මාධ්‍ය ආයතන වල විශාල උනන්දුවක් තිබෙනවා විවිධ රටවල මාධ්‍යවේදීන් හමු වෙලා ඔවුන්ගෙන් සමුළුව පිළිබදව අදහස් ලබා ගැනීමට.

ඇත්තටම මටත් පෞද්ගලිකව ලොකු අත්දැකීමක්. මා නියෝජනය කරන ශ්‍රී ලංකාවත් එක්ක බලන කොට දේශපාලනික වශයෙන් විනිවිද භාවයක් සහිත තීන්දු අරගෙන සෑම ජන කොටසකට ම සංවර්ධනය කරා යන්න පසුබිම හදන සුවිශේෂී වැඩපිළිවෙලක් තමයි චීනයේ මේ දේශපාලන ක්‍රියාදාමය තුළ තියෙන්නේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති