2025 ඉලක්ක කරා යන කොට නිදහස්කරණය හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ යුතු ආකාරය ගැන චීනය අවධානය යොමු කරනවා

2018-03-13 11:29:44
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

 2025 ඉලක්ක කරා යන කොට නිදහස්කරණය හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ යුතු ආකාරය ගැන චීනය අවධානය යොමු කරනවා


කොළඹ බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතන‍යේ සහ බණ්ඩාරනායක අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්ය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ භාෂා අංශයේ හිටපු අංශ ප්‍රධානී මැණික් වක්කුඹුර මහත්මිය සිංහල සේවය සමග චීනයේ සැසිවාර දෙක පිළිබඳව පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ ‍සාකච්ඡාවට ඔබට සවන් දිය හැකිය.



ඇත්තටම චීනය කියන රාජ්‍යය තනි ‍රාජ්‍යයක් වශයෙන් ජාත්‍යන්තර දේශපාලනයට අවතීර්ණ‍ වෙන්නේ අද ඊයේ නොවෙයි. ශතවර්ෂ ගණනාවක් පුරාවට චීනය ජාත්‍යන්තර සබඳතා හැසිරවීමේදී ආර්ථික, මිලිටරි, දේශපාලන යන කාරණා තුළත් සමාජ සංස්කෘතික කාරණා තුළත් වැදගත්භාවයක් උසුලනවා. 21වැනි සියවස වෙන කොට චීනය ආසියානු සහස්‍රකයේ ප්‍රබලතම ර‍ටක් බව‍ට පත් වෙන්නේ අපි දන්න විදිහට ආර්ථික බලවත්භාවය නිසා. මේ වන විට චීන ජාතික මහජන කොංග්‍රසය පැවැත්වෙනවා. එහිදී චීනය රාජ්‍යයක් වශයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. මේ යෝජනා තුළ දේශීය වශයෙන් ඒ අය අනාගතය දකින ආකාරයත් ජාත්‍යන්තර වශයෙන් ඒ අය අනාගතය දකින ආකාරයත් සාකච්ඡා වෙනවා.

ඉතින් මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර සබඳතා අනාගතය පුරෝකථනය කරන අපට චීනය හැසිරවෙන්නේ කොහොමද යන්න ඉතා හොඳින් අව‍බෝධ වෙනවා. මම කැමතියි ප්‍රධාන කාරණා කිහිපයකට අවධානය යොමුකරන්න. චීන ජාතික මහජන කොංග්‍රසයේ සාකච්ඡා වන ප්‍රධාන කාරණා අතර ඔවුන් දක්වනවා තනි රටක් ‍වශයෙන් පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවකට අවතීර්ණ වෙන්නේ කියලා. චීන ජනාධිපති ෂී ජින් පිං විසින් අද ඊයේ කථාවෙන දෙයක් නොවෙයි වර්ශ ගණනාවක් පුරා කථාවන විඥ්ඥානවාදී අවතීර්ණයක්. චීන ජාතිකයන්ගේ බුද්ධිය හා ප්‍රවේශය මගින් කොහොමද ජාත්‍යන්තරය දකින්නේ සහ කොහොමද ජාත්‍යන්තරයේ ඇති වන ප්‍රශ්ණ විසඳන්නේ. චීන ජාතික මහජන කොංග්‍රසය මේ පිළිබඳ ප්‍රධාන අවධානයක් ‍යොමු කරනවා. තවත් කාරණයක් තමයි ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය විවෘතභාවය හා ගුණාත්මකභාවයට යොමු කරන්නේ කෙසේද කියන ප්‍රධාන ‍තේමාව. මේ ප්‍රධාන තේමාවන්ට අමතරව අපි ජාත්‍යන්තර සබඳතා තුළ අපි අනිවාර්යයෙන්ම කථා කරන සංකල්පයක් තමයි වෙළඳ ආර්ථික ප්‍රතිපත්ති සහ ආයෝජන නිදහස්කරණය. මේ කාරණා දෙක තුළම චීනය මේ වනවිට ප්‍රබල තත්ත්වයක් අත්කර ගෙන තිබෙනවා. ඒ අය අනාගතයේදී එහෙම නැත්නම් 2025 ඉලක්ක කරා යන කොට මේ නිදහස්කරණය හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ කොහොමද කියා හිතනවා.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති